13 වන සංශෝධන ඇතුළු තම ඉල්ලීම් සම්බන්ධයෙන් ලක් රජය සමග සාකච්ඡා කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සූදානම් බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා. එහි මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (18) ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවූ අතර, අනතුරුව හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මේ බව කියා සිටියා.
[MP3]s61282[/MP3]
මේ අතර, මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයන්ට තමිල්නාඩු හමුදා කදවුරුවල පුහුණුව ලබාදීමට එරෙහිව විරෝධතා දැක්වූ 500කට වැඩි පිරිසක් ඊයේ (18) ඉන්දීය පොලීසිය අත්අඩංගුවට ගත්තා. මීට පෙර කරුණානිධි මෙන්ම ජයලලිතා ද මීට විරෝධය පළ කළ අතර අනතුරුව ඉන්දීය බලධාරීන් සදහන් කළේ කුමන විරෝධයක් පළ වුවත්, ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන්ට ඉන්දියාවේ පුහුණුව ලබාදීමට මධ්‍යම රජය තීරණය කර ඇති බවයි. තමිල්නාඩුවේ වෙලින්ටන් හි නීලගිරි කඳවුර අසළ මෙම පිරිස විරෝධතාවයේ යෙදී ඇති අතර කදවුරු භූමියට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමගයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Latest News
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
විශ්‍රාමික හමුදා සෙබළකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි ලබන 19 වැනිදා තෙක් කල්තැබෙයි
ඉන්දු - ඉන්දුනීසියානු 8 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම සාර්ථකව නිමවෙයි: ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට එකඟතාව
තලවතුගොඩ අවන්හලක ඇතිවූ ගින්නෙන් මුදා ගෙන රෝහල්ගත කළ තිදෙනා ජීවිතක්ෂයට
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - නියමුවන් දෙදෙනා බේරෙයි
ඇපල් සමාගමෙන් Siri වෙනුවට Generative AI තාක්ෂණයෙන් බලගැන්වුණු'Siri AI' හඳුන්වා දෙයි
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ