General19 June 2013

13 ගැන ලක් රජය සමග සාකච්ඡාවට ඉන්දියාව සූදානම්.

13 වන සංශෝධන ඇතුළු තම ඉල්ලීම් සම්බන්ධයෙන් ලක් රජය සමග සාකච්ඡා කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සූදානම් බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා. එහි මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (18) ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවූ අතර, අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින්  පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මේ බව කියා සිටියා.

 
[MP3]s61282[/MP3]

 
මේ අතර, මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයන්ට තමිල්නාඩු හමුදා කදවුරුවල පුහුණුව ලබාදීමට එරෙහිව විරෝධතා දැක්වූ 500කට වැඩි පිරිසක් ඊයේ (18) ඉන්දීය පොලීසිය අත්අඩංගුවට ගත්තා. මීට පෙර කරුණානිධි මෙන්ම ජයලලිතා ද මීට විරෝධය පළ කළ අතර අනතුරුව ඉන්දීය බලධාරීන් සදහන් කළේ කුමන විරෝධයක් පළ වුවත්, ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන්ට ඉන්දියාවේ පුහුණුව ලබාදීමට මධ්‍යම රජය තීරණය කර ඇති බවයි.  තමිල්නාඩුවේ වෙලින්ටන් හි නීලගිරි කඳවුර අසළ මෙම පිරිස විරෝධතාවයේ යෙදී ඇති අතර කදවුරු භූමියට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමගයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Related recommendation
Hiru TV News | Programmes