පළාත් සභා මන්ත්‍රීවරයෙකු හිංසනයට ලක් කළ නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියට රාජකාරීමය වශයෙන් පීඩා කිරීමට වයඹ පළාත් අධ්‍යාපන බලධාරීන් ක්‍රියා කර ඇති බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එහි ලේකම් වසන්ත ධර්මසිරි සදහන් කළේ පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් ද ගුරුවරියගේ මානසිකත්වයට පීඩාවන අයුරින් කටයුතු කර ඇති බවයි.
[MP3]s61292_1[/MP3]
මේ අතර, අද (19) දිනයේ දී ගුරුවරියක දණ ගැස්වීමට එරෙහිව විරෝධය පළ කරන උද්ඝෝෂණ ගණනාවක් දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක කිරීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන එහි සභාපති ජෝශෆ් ස්ටාලින්.
[MP3]s61292_2[/MP3]
ලංකා ගුරු සේවා සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ තම සංගමය ද අද (19) දිනයේ විරෝධතා රැසක් සංවිධානය කර ඇති බවයි.
කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කොළඹ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේ පාසලට දේශපාලනය ඇතුළු නොකළ යුතු බවයි.
[MP3]s61292_3[/MP3]
ගුරුවරියක දණ ගැස්සවූ බවට චෝදනා එල්ල වූ වයඹ පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල වෙත ඊයේ (18) දිනයේ දී යවා තිබුණා.
Latest News
එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීම ගැන සාකච්ඡාවක්
බස් එකක් විවෘත කරන්න ආපු මාලිමා මන්ත්‍රිනි
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි