උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලබන මාසයේ ඉල්ලීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (19) ප්‍රකාශ කළා. එහි මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ බොහෝ දුරට සැප්තැම්බර් මාසයේ මැද මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි.
[MP3]s61305[/MP3]
අප මේ පිළිබඳව මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ බොහෝ දුරට සැප්තැම්බර් මස දෙවන සතියේ හෝ තුන්වන සතියේ මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි. පළාත් සභා විසුරුවා හරින බවට ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර සතියක් ඇතුළත මැතිවරණ කොමසාරිස්වරයා විසින් නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනවා.
මේ අතර, මෙතෙක් ඡන්ද නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති උතුරේ අවතැන් වූ ඡන්දදායකයින් සඳහා අතිරේක නාම ලේඛණ සකස් කිරීම සති දෙකක් තුළ අවසන් කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. එහි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් කියා සිටියේ උතුරේ පදිංචිව සිට අවතැන්වූවන් ලෙස වෙනත් ප්‍රදේශවලට පැමිණ 2012 ඡන්ද නාම ලේඛණයේ ලියාපදිංචි නොවූ ඡන්දදායකයින්ට මෙම අතිරේක ලේඛණයේ ලියාපදිංචි වීමට අවස්ථාව හිමිවන බවයි. ඊට අදාළ විශේෂ ඉල්ලූම් පත්‍රයක් මැතිවරණ කොමසාරිස් විසින් ඉදිරියේදී සකස් කර ප්‍රසිද්ධ කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් අවතැන්වූවන්ට ලියාපදිංචිය සඳහා ඉල්ලූම් කළ හැකියි.
උතුරේ අවතැන් වූ ජනතාවට ජන්ද බලය ලබාදීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ඊයේ සංශෝධන සහිතව සම්මත වුණා. ඒ අනුවයි මැතිවරණ කොමසාරිස්වරයා විසින් 2012 ඡන්ද හිමි නාමලේඛණයට අතිරේක ලේඛණයක් ලෙස උතුරේ අවතැන්වූවන්ගේ ලේඛනයේ ද එක් කිරීමට නියමිතව ඇත්තේ.
Latest News
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
විශ්‍රාමික හමුදා සෙබළකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්