General19 June 2013

සරසවි ආචාර්යවරියට පහර දුන් නීති ශිෂ්‍යා අත්අඩංගුවට.



 

නාවල විවෘත විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ආචාර්යවරියකට කැපුම් තුවාල සිදුකළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දහවල් අත්අඩංගුවට ගෙන ඇති මොහු විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ශිෂ්‍යයෙකු වන වෛද්‍යවරයෙක්. මෙම ශිෂ්‍යයාගේ පහරදීමෙන් බරපතල කැපුම්තුවාල ලබා විශ්වවිද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවේ අංශාධිපති ආචාර්ය යශෝධරා කදිරගාමර්තම්බි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම නීති ශිෂ්‍යයා ආචාර්යවරිය සමඟ ඇති වූ බහින්බස් වීමක් මෙම පහරදීමට හේතුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම සිද්ධියත් සමඟ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ නොසන්සුන්කාරි තත්ත්වයක් ද ඇතිව තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes