General19 June 2013

යුරෝපයෙන් ශ්‍රී ලංකාවට නිවාස 25000 ක්.

යුරෝපා සංගමයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ නිවාස 25000 ක් ඉදිරි වර්ෂයේදී ඉදිකිරීමට සැළසුම් කර ඇති බව එම සංගමයේ මෙරට නියෝජිත බර්නාඩ් සැවේජ් ප්‍රකාශ කළා. උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට සැළසුම් කර ඇති මෙම නිවාස සම්බන්ධයෙන් මේ වනවිට ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ. අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදී යුරෝපා සංගමයේ මෙරට නියෝජිතයා මේ බව සඳහන් කර තිබෙනවා. ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් නිල සංචාරයක් සඳහා ලබන මසදී මෙරටට පැමිණෙන බවයි.      

Related recommendation
Hiru TV News | Programmes