General20 June 2013

තලංගමෙන් හමුවු බිළිඳු මල සිරුර පිළිබඳ සැකපිට කාන්තාවක් අත්අඩංගුවට.

තලංගම - පහලවෙල ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානයක තිබී සොයාගත් බිලිඳු මල සිරුර සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලංගම පොලිසිය සඳහන් කළේ කඩුවෙල මහ නගර සභාවේ සනීපාරක්ෂක සේවකයින්ට ඊයේ පස්වරුවේ මෙම බිලිඳු මල සිරුර හමුවී ඇති බවයි. අත්අඩංගුවට ගත් කාන්තාව පහලවෙල ප්‍රදේශයේම නිවසක මෙහෙකාර සේවයේ නිරතව සිටි බවද පොලිසිය සඳහන් කළා. කෙසේ වෙතත්, ඇය කොළඹ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා වෙත අද (20) දිනයේ යොමු කිරීමට නියමිතව ඇති බවයි පොලිසිය තවදුරටත් කියා සිටියේ.

Related recommendation
Hiru TV News | Programmes