Business07 September 2025

ගෙවුණු මාස අට තුළ විදේශ ප්‍රේෂණ අ. ඩොලර් බිලියන 5 සීමාව ඉක්මවයි

ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2025 වසරේදී වාර්තාගත අමෙරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහිදී 2025 අගෝස්තු මාසයේදී ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක් වූ අතර, එය 2024 අගෝස්තු මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 577.5ට වඩා 19.3%ක වර්ධනයක් බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

තවද, 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,116ක් ලෙස සටහන් වී තිබෙනවා.

මෙය පසුගිය වසරේ එම කාලයට අදාළ අමෙරිකානු ඩොලර් මිලියන 4,288.2ක ප්‍රමාණයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක්.
Related recommendation
Hiru TV News | Programmes