Business30 September 2026

සැප්තැම්බර් උද්ධමනය වෙනස් නොවී 8% මට්ටමේ: ආහාර උද්ධමනය 8.7% දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව 2026 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය 8.0% ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, 2026 අගෝස්තු මාසයේදී ද වාර්තා වූයේ 8.0% ක උද්ධමන අනුපාතයක්.

කෙසේ වෙතත්, අගෝස්තු මාසයේදී 8.5% ක් ලෙස පැවැති ආහාර උද්ධමනය සැප්තැම්බර් මාසයේදී 8.7% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අගෝස්තු මාසයේදී 7.7% ක් ලෙස සටහන් වූ ආහාර නොවන උද්ධමනය, සැප්තැම්බර් මාසයේදී ද කිසිදු වෙනසක් නොවී 7.7% මට්ටමේම පවතිනවා.
Related recommendation
Hiru TV News | Programmes