Business01 October 2026

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට

මැදපෙරදිග රටවලින් බොර තෙල් අපනයනය යථා තත්ත්වයට පත්වීමේ ලකුණු පහළ වීමත් සමග ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පමණ පහළ ගොස් තිබෙන බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 2.69කින් හෙවත් 2.6%කින් පහළ ගොස් ඩොලර් 102.59ක් ලෙස සටහන් වූ අතර, අමෙරිකානු WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 3.22කින් හෙවත් 3.5%කින් පහළ ගොස් ඩොලර් 89.38ක් ලෙස වාර්තා වුණා.

කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ සැපයුම් කඩාකප්පල් වීම පිළිබඳ පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් මෙම මාසය තුළ බ්‍රෙන්ට් මිල 13%කින් පමණත්, WTI මිල 4%කින් පමණත් ඉහළ යාමට නියමිතයි.

Kpler දත්තවලට අනුව, මැදපෙරදිග තෙල් නිෂ්පාදකයන්ගේ බොර තෙල් අපනයනය සැප්තැම්බර් මාසයේදී දිනකට බැරල් මිලියන 16.328ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

එය අමෙරිකානු-ඊශ්‍රායල ඉරාන යුද්ධය ආරම්භ වූ පෙබරවාරි අග භාගයෙන් පසු වාර්තා වූ ඉහළම අපනයන මට්ටම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Related recommendation
Hiru TV News | Programmes