ශ්රී ලංකාවේ තිරසාර ණය වෙළඳපොළ තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ Global Green Growth Institute (GGGI) නව තාක්ෂණික සහාය වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
මෙම වැඩසටහන යටතේ හරිත, සමාජ, තිරසාර සහ තිරසාරත්වයට සම්බන්ධ (GSS+) බැඳුම්කර වෙළඳපොළට හඳුන්වාදීමට අපේක්ෂා කරන ආයතන සඳහා අවශ්ය තාක්ෂණික සහාය ලබාදීමට නියමිතයි.
CSE විසින් මෙම GSS+ 2024 වසරේදී හඳුන්වාදීමෙන් පසු මේ දක්වා බැඳුම්කර නිකුතු 12ක් හරහා රුපියල් බිලියන 92කට වැඩි මුදලක් රැස්කර තිබෙනවා.
විශේෂත්වයක් වන්නේ 2025 වසරේදී ණය ප්රාග්ධන වෙළඳපොළ හරහා රැස් කළ මුදලින් සියයට 40ක් GSS+ උපකරණ හරහා රැස්කර තිබීමයි.
නව වැඩසටහන යටතේ GSS+ බැඳුම්කර නිකුත් කිරීමට අපේක්ෂා කරන ආයතන සඳහා GGGI වෙතින් තාක්ෂණික සහාය ලබාගැනීමට අයදුම් කළ හැකියි.
අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් 26 වැනිදා දක්වා සිදුකරන බව සඳහන්.
තෝරාගන්නා ආයතනවල අවශ්යතා අනුව GSS+ බැඳුම්කර රාමු සකස් කිරීම, දෙවන පාර්ශ්ව මත ලබාගැනීම, බැඳුම්කර නිකුත් කිරීමෙන් පසු අරමුදල් වෙන්කිරීම සහ එහි බලපෑම පිළිබඳ පළමු වසරේ වාර්තාකරණය ඇතුළු කටයුතු සඳහා සහාය ලබාදීමට නියමිතයි.
එමෙන්ම ධාරිතා වර්ධනය සඳහාද සහාය ලබාදෙන අතර, මෙම වැඩසටහන යටතේ ලබාදෙන සියලුම තාක්ෂණික සහාය මෙන්ම දෙවන පාර්ශ්ව මත ලබාගැනීම සඳහා වන වියදමද නොමිලේ ලබාදෙන බවයි CSE සඳහන් කරන්නේ.
ශ්රී ලංකාවේ තිරසාර මූල්ය වෙළඳපොළ සංවර්ධනය කිරීම සඳහා GGGI මීට පෙරද දායක වී තිබෙනවා.
ලක්සම්බර්ග් රජයේ අරමුදල් මත ක්රියාත්මක Global Trust Fund on Sustainable Finance Instruments හරහා ශ්රී ලංකාවේ බැඳුම්කර නිකුතු තුනකට GGGI සහාය ලබාදී ඇති අතර, ඒ අතර ශ්රී ලංකාවේ පළමු නිල් බැඳුම්කරයද (blue bond) ඇතුළත්.
එම බැඳුම්කර නිකුතු තුන හරහා දේශගුණික අරමුණු සහිත ආයෝජන සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 110කට වැඩි මුදලක් රැස්කර තිබෙනවා.
තවද GGGI සහ එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසම එක්ව ශ්රී ලංකාවේ පළමු ස්වෛරී හරිත බැඳුම්කර රාමුව සකස් කිරීමට මුදල් අමාත්යාංශයටද සහාය ලබාදී ඇති බව සඳහන්.
CSE සඳහන් කරන්නේ, ශ්රී ලංකාවේ GSS+ බැඳුම්කර වෙළඳපොළට ජාත්යන්තර අවධානයද හිමිවෙමින් පවතින බවයි.
2026 Environmental Finance Sustainable Debt Awards සම්මාන උළෙලේදී ශ්රී ලංකාවේ ආයතන තුනක් GSS+ බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් ඇගයීමට ලක්ව තිබෙනවා.
නව වැඩසටහන හරහා තිරසාර ණය උපකරණ වෙළඳපොළට හඳුන්වාදීමට අපේක්ෂා කරන ආයතන සඳහා අවශ්ය තාක්ෂණික සහාය ලබාදී, මෙරට GSS+ බැඳුම්කර නිකුත් කිරීමේ පරාසය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ.

Latest News
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමග අඹතලේ ජල පවිත්රාගාරයේ කටයුතු යළි ඇරඹේ
Local
17 October 2026
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026