වගා ව්යාපෘති සඳහා ආයෝජන ලෙස මහජනතාවගෙන් ලබාගත් මුදල් ඇතැම් සමාගම් විසින් පුවත්පත්, සුපිරි වෙළෙඳසැල් සහ සංචාරක ව්යාපාර ආරම්භ කිරීමට මෙන්ම ප්රසංග සංවිධානය කිරීමට සහ ක්රිකට් තරග සඳහා අනුග්රහය දැක්වීමට යොදාගෙන ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, මාධ්ය හමුවක දී අදහස් දක්වමින්.
ඇතැම් අවස්ථාවලදී එම මුදල්වලින් කොටස්, කලාකරුවන්ට තෑගි ලෙස ලබාදී ඇති අතර, තවත් මුදල් ප්රචාරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.
වගා ආයෝජන ප්රවර්ධනය කිරීම සඳහා ඇතැම් සමාජ මාධ්ය ක්රියාකාරීන්ට ගෙවා ඇති මුදල්ද මහජනතාව මහන්සියෙන් උපයාගත් මුදල් බවයි ඔහු පෙන්වා දුන්නේ.
ඔවුන් ජනතාව වෙනුවෙන් නොව, ඔවුන්ට මුදල් ගෙවූ සමාගම් වෙනුවෙන් අදහස් පළ කර ඇති බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළා.
නීතිවිරෝධී ලෙස තැන්පතු භාරගත් ගිණුම් පමණක් මහ බැංකුව විසින් මෑතකදී අත්හිටුවා ඇති බවත්, කිසිදු වගා ආයෝජන ගිණුමක් මහ බැංකුව විසින් අත්හිටුවා නොමැති බවත්, මහ බැංකු අධිපතිවරයා පැවසුවා.
ඒ අනුව, මහ බැංකුව ගිණුම් අත්හිටුවීම හේතුවෙන් මුදල් ගෙවීමට නොහැකි බවට එම සමාගම්වලට ප්රකාශ කළ නොහැකි බවද ඔහු සඳහන් කළා.
වගා ආයෝජන ලෙස තැන්පතු භාරගන්නා සමාගම්වලට රැවටීමෙන් වළකින ලෙස මහ බැංකුව අවස්ථා ගණනාවකදී මහජනතාව දැනුවත් කර ඇති බවද ඔහු පැවසුවා.
කෙසේ වෙතත්, එම සමාගම් වෙත ලැබෙන නව ආයෝජන අඩුවීම හේතුවෙන් මීට පෙර මුදල් තැන්පත් කළ පුද්ගලයන්ට ගෙවිය යුතු මුදල් ආපසු ගෙවීමට ඔවුන්ට නොහැකි වී ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ.
නව තැන්පතු ලබා නොගෙන සියයට 40ක ප්රතිලාභයක් ගෙවීමටද එම සමාගම්වලට හැකියාවක් නොමැති බව ඔහු සඳහන් කළා.
නීතිවිරෝධී ලෙස තැන්පතු භාරගත් ගිණුම් අත්හිටුවා ඇත්තේ නීතිමය කටයුතු අවසන් වීමෙන් පසු එම මුදල් තැන්පත්කරුවන් අතර බෙදාදීමට හැකි වන පරිදි බවද මහ බැංකු අධිපතිවරයා පැවසුවා.
වගා ආයෝජන සමාගම් අතීතයේ පිරමීඩ යෝජනා ක්රම පවත්වාගෙන ගිය සමාගම් මුහුණදුන් තත්ත්වයට පත්වීමට අවශ්ය නොවන්නේ නම්, නීතිය හමුවේ පෙනී සිට මහජනතාවගෙන් නීතිවිරෝධී ලෙස ලබාගත් තැන්පතු ආපසු ගෙවන්නේ කෙසේද යන්න පිළිබඳ සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමග අඹතලේ ජල පවිත්රාගාරයේ කටයුතු යළි ඇරඹේ
Local
17 October 2026
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026