Business02 October 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම රුපියල් බිලියන 2,040 පනී - වාර්ෂික ඉලක්කයෙන් 85%ක් සපුරාලයි

2026 සැප්තැම්බර් 30 වන විට තම සමස්ත බදු එකතු කිරීම රුපියල් බිලියන 2,040 දක්වා ළඟා වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙය 2026 වසර සඳහා නියමිත සමස්ත වාර්ෂික බදු ඉලක්කයෙන් 85%ක ප්‍රගතියක් සනිටුහන් කිරීමක්.

2025 වසරේ මුල් මාස නවය (පළමු කාර්තු තුන) තුළ එකතු කරන ලද රුපියල් බිලියන 1,642ක ආදායමට සාපේක්ෂව මෙවර රුපියල් බිලියන 398ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, පෙර වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව 24%ක සීඝ්‍ර වාර්ෂික ආදායම් වර්ධනයක් පෙන්නුම් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes