2023 අංක 16 දරන ශ්රී ලංකා මහ බැංකු පනතේ 26 වගන්තියට අනුකූලව, 2026 ඔක්තෝබර් 1 වැනි දින මුදල්, ක්රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්ය සහ ශ්රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් නව මුදල් ප්රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමකට අත්සන් තබන ලදී.
මෙම ගිවිසුම 2026 ඔක්තෝබර් 1 දිනැති අංක 2508/28 දරන අති විශේෂ ගැසට් පත්රයේ ප්රකාශයට පත් කර ඇත.
නව මුදල් ප්රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ ප්රධාන කරුණු අතර ශ්රී ලංකා මහ බැංකුව කාර්තුමය මුළුපිට උද්ධමන අනුපාතිකය 5%ක මට්ටමේ පවත්වා ගැනීම ඉලක්ක කර ගැනීම ප්රධාන වේ. එහි වගවීමේ ආන්තිකය ප්රතිශතාංක ±2කින් යුක්ත වේ.
කාර්තුමය මුළුපිට උද්ධමනය යනු අදාළ දින දර්ශන කාර්තුවේ මාස තුන සඳහා ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්රකාශයට පත් කරනු ලබන මාසික කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්යමය ප්රතිශත වෙනස්වීම්වල සරල සාමාන්යයයි.
ශ්රී ලංකා මහ බැංකු පනතේ 26(4) වගන්තියට අනුව, උද්ධමන ඉලක්කය සහ ඊට අදාළ පරාමිතීන් සෑම වසර තුනකට වරක් හෝ සුවිශේෂී අවස්ථානුගත තත්ත්වයන් මත අවශ්ය වන්නේ නම් ඊට අඩු කාල පරාසයකදී සමාලෝචනය කෙරේ.
ඒ අනුව, 2023 ඔක්තෝබර් මාසයේදී අත්සන් තබන ලද පළමු මුදල් ප්රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙන් අනතුරුව නියමිත සමාලෝචනය 2026 වසරේදී සිදු කෙරිණි.
මෙම සමාලෝචනයේ කොටසක් ලෙස, ශ්රී ලංකාවේ ආර්ථික ව්යුහය, පෙර පැවති දත්ත සහ ආනුභවික සාක්ෂි, මුදල් ප්රතිපත්තියට අදාළ සලකා බැලීම්, ප්රතිපත්ති රාමුවේ විශ්වසනීයත්වය, ආර්ථික පාර්ශ්වකරුවන්ගේ අදහස් මෙන්ම ජාත්යන්තර අත්දැකීම් සහ භාවිතයන් ඇතුළු කරුණු සලකා බලමින් මහ බැංකුව විසින් පුළුල් තාක්ෂණික ඇගයීමක් සිදු කරන ලදී.
එම සමාලෝචනයෙන් අනාවරණය වූ කරුණු මත පදනම්ව මහ බැංකුව විසින් සිය යෝජනාව මුදල් අමාත්යාංශය වෙත ඉදිරිපත් කරන ලදී. මුදල් අමාත්යාංශය විසින් එම නිර්දේශය පිළිබඳව සවිස්තරාත්මකව සලකා බැලීමෙන් අනතුරුව එය පිළිගන්නා ලදී.
දේශීය මිල ස්ථායීතාව සාක්ෂාත් කර ගැනීම සහ පවත්වාගෙන යාම සිය ප්රධාන අරමුණ ලෙස ඉටු කර ගැනීම සඳහා ඉදිරි දැක්මකින් යුතුව සහ දත්ත මත පදනම් වූ ප්රතිපත්තිමය තීරණ හරහා උද්ධමන ඉලක්කය සපුරා ගැනීමට මහ බැංකුව අඛණ්ඩව කැපවී සිටින බව සඳහන් කරයි.
Latest News
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
තායිවානය සමග රාජ්යතාන්ත්රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්