ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) තාවකාලික රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී ගැටලු මතුව තිබේ.
ඊට හේතුව වී ඇත්තේ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් නිකුත් කරන ඩිජිටල් රියදුරු බලපත්‍ර මෙරට තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය මගින් මේ වනවිට පිළි නොගැනීමයි.
BIA හි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කවුන්ටරය මගින් තාවකාලික බලපත්‍රයක් ලබාගැනීම සඳහා අදාළ රට විසින් නිකුත් කළ භෞතික රියදුරු බලපත්‍රයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.
ප්රමුඛ පෙළේ ගමනාන්ත කළමනාකරණ සමාගමක නියෝජිතයෙකු පැවසුවේ ශ්‍රී ලංකාවේ විශාලතම සංචාරක වෙළෙඳපොළ වන ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයන් මෙම ගැටලුවට වැඩි වශයෙන් මුහුණ දෙන බවයි.
“ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා කුලී රථ සේවා භාවිත කරනවා. තාවකාලික බලපත්‍රය ලබාගැනීමට කවුන්ටරයට ගියත්, ඩිජිටල් රියදුරු බලපත්‍රය පිළි නොගන්නා නිසා ඔවුන් ආපසු හරවා යවනවා. මෙය රජයට ලැබිය හැකි ආදායම අහිමි වීමටත් හේතුවක්,” ඔහු පැවසීය.
BIA කවුන්ටරයෙන් වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට යොමු කළ ඇතැම් සංචාරකයන්ටද බලපත්‍ර ලබාගැනීමට නොහැකි වී ඇති බව ඔහු සඳහන් කළේය.
“අද බොහෝ ඉන්දීය සංචාරකයන් විශාල මුදල් ප්‍රමාණයක් රැගෙන එන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල භෞතික ක්‍රෙඩිට් කාඩ්පත් පවා රැගෙන එන්නේ නැහැ. ඔවුන් මූල්‍ය ගනුදෙනු ජංගම දුරකථන හෝ ස්මාර්ට් ඔරලෝසු හරහා සිදු කරනවා.”
මෝටර් රථ කුලියට ලබාදෙන සමාගම් නියෝජිතයෙකු පැවසුවේ මෙම තත්ත්වය එම කර්මාන්තයටද බලපා ඇති බවයි. ඇතැම් සංචාරකයන් Google Maps ඇතුළු සංචාලන යෙදුම් භාවිත කරමින් තමන් විසින්ම රිය පැදවීමට කැමැත්තක් දක්වන බවද ඔහු සඳහන් කළේය.
විදේශීය සංචාරකයන් සඳහා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති අතර, ඒ සඳහා රුපියල් 15,000කින් ආරම්භ වන ගාස්තු අය කෙරේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරියෙකු පැවසුවේ ඉන්දියාව, පාකිස්ථානය සහ තවත් රටවල් කිහිපයක ඩිජිටල් රියදුරු බලපත්‍ර පද්ධති සමඟ සම්බන්ධ වීමට මෙරට පද්ධතිය තවමත් සූදානම් නොමැති බවයි.
“එම පද්ධති කිහිපයක් පිළිගෙන ඒවා සමඟ සම්බන්ධ වීමට අපේ පද්ධතිය තවමත් සූදානම් නැහැ. කෙසේ වෙතත්, එය නිවැරදි කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා. ඒ සඳහා නව උපකරණ කිහිපයක්ද අවශ්‍යයි,” ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කරා ගමන් කරන පසුබිමක මෙම ගැටලුව කඩිනමින් විසඳිය යුතු බව ICT ක්ෂේත්රයේ නියෝජිතයෝ පෙන්වා දෙති. සංචාරකයන්ට සිදුවන අපහසුතා මෙන්ම තාවකාලික බලපත්‍ර සහ මෝටර් රථ කුලියට දීම හරහා රජයට හා කර්මාන්තයට අහිමි විය හැකි ආදායමද එමගින් වළක්වා ගත හැකි බව ඔවුහු පවසති.
Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්