ආර්ථික අර්බුදයෙන් සෙමෙන් මිදෙමින් පවතින ශ්‍රී ලංකාව තුළ කළු ආර්ථිකය (Black Economy) සහ දූෂණය යළි ඉහළ යාමේ ප්‍රබල සලකුණු දක්නට ලැබෙන බව ආර්ථික හා විදේශ ආයෝජන පිළිබඳ විශේෂඥයින් පෙන්වා දෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන යටතේ දූෂණය මර්දනය කිරීමට රජය පියවර ගනිමින් සිටියද, ආර්ථිකයේ සිදුවන ඇතැම් අසාමාන්‍ය වෙනස්කම් හේතුවෙන් ඉදිරියේදී විනිවිදභාවය පිළිබඳ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පසුපසට යාමේ අවදානමක් මතුව තිබෙන බව ඉංග්‍රීසි ජාතික පුවත්පතකට ආයෝජන, උපායමාර්ග සහ ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක ඉන්දික හෙට්ටිආරච්චි සඳහන් කර තිබෙනවා.
විශේෂයෙන්ම රට තුළ සංසරණය වන භෞතික මුදල් ප්‍රමාණය (Physical cash) අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර, 2026 පළමු කාර්තුව වන විට එය රුපියල් ට්‍රිලියන 1.7ක ඓතිහාසික වාර්තාගත මට්ටමකට ළඟා වී තිබෙනවා.
මෙය 2023 වසර අවසානයට සාපේක්ෂව සියයට 42ක ශීඝ්‍ර වර්ධනයක්.
ඩිජිටල් ගෙවීම් පරිමාව රටේ නාමික දේහීය නිෂ්පාදිතයද (Nominal GDP) අභිබවා ගොස් ඇති පසුබිමක, මෙලෙස විශාල ලෙස භෞතික මුදල් සංසරණය වීම පිටුපස රහසිගත සහ නීති විරෝධී ගනුදෙනු ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවට සැක පළකෙරෙනවා.
මීට අමතරව, නීති විරෝධී ලෙස විදේශයන් වෙත මුදල් ප්‍රවාහනය වීම සහ විදේශ ආයෝජන ලෙස රටින් පිටතට යන මුදල් ප්‍රමාණය ඉහළ යාමද දූෂණය වැඩිවීමේ සංකේතයක් ලෙස පෙන්වා දෙනවා.
මහ බැංකු දත්තවලට අනුව 2024 සිට 2026 පළමු කාර්තුව දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 200කට අධික මුදලක් කොටස් ආයෝජන ලෙස පමණක් රටින් පිටතට ගොස් ඇති අතර, මෙය පෙර වසරවලට සාපේක්ෂව කැපී පෙනෙන ඉහළ යාමක්.
එමෙන්ම, සුඛෝපභෝගී නිවාස සහ මහල් නිවාස (High-end Condominiums) අලෙවිය ශීඝ්‍රයෙන් ඉහළ යාමද කළු ආර්ථිකය වර්ධනය වීමේ තවත් ප්‍රධාන දර්ශකයක්.
2026 පළමු කාර්තුවේදී අලෙවි වූ සමස්ත මහල් නිවාස අතුරින් සියයට 52ක්ම අධි-සුඛෝපභෝගී නිවාස වන අතර, කළු සල්ලි නීත්‍යානුකූල කිරීම (Money laundering) සඳහා මෙලෙස දේපළ වෙළඳපොළ භාවිත වන බවට විචාරකයෝ චෝදනා කරනවා.
මෙලෙස කළු ආර්ථිකය සහ දූෂණය වර්ධනය වීම තුළින් ආදායම් පරතරය තවදුරටත් පුළුල් වී, දිළිඳුකම, උද්ධමනය සහ රැකියා විරහිතභාවයෙන් පීඩිත සාමාන්‍ය ජනතාව අතර නැවත වතාවක් දැඩි සමාජ නොසන්සුන්තාවයක් නිර්මාණය වීමේ දැඩි අවදානමක් පවතින බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
Local
16 November 2026
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
Local
15 November 2026
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
Local
15 November 2026
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
Local
15 November 2026
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
Local
15 November 2026
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
Local
15 November 2026
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
Local
15 November 2026
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
Local
15 November 2026
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
Local
15 November 2026
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්
Local
15 November 2026