ශ්‍රී ලංකා රේගුව 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 2207ක් වූ සිය ආදායම් ඉලක්කය ඔක්තෝබර් 13 වන දිනට සම්පූර්ණ කර ඇති බව ශ්‍රී ලංකා රේගුව දැනුම් දෙයි. ඒ අනුව, ඔක්තෝබර් 13 වන දින වනවිට ශ්‍රී ලංකා රේගුව 2026 වර්ෂය සඳහා රැස්කළ සම්පූර්ණ අදායම රුපියල් බිලයන 2208ක් වේ.
ශ්‍රී ලංකා රේගුව 2025 වසරේදී සිය ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 2115ක ආදායම 2025 නොවැම්බර් 11 වන දින සම්පූර්ණ කරන ලදි. 2026 වසරේ ආදායම් ඉලක්කය 2025 වසරේ ආදායම් ඉලක්කයට වඩා ඉහළ වුවත්, එම ආදායම් ඉලක්කය ඊටත් වඩා අඩු කාලයකින් සම්පූර්ණ කර ගැනීමට රේගුව මෙවර සමත්ව ඇත.
2025 වසරේ ආදායම් ඉලක්කය සම්පූර්ණ කිරීමෙන් පසුව සංශෝධිත ආදායම් ඉලක්කය ලෙස රුපියල් බිලියන 2231 දක්වා ආදායම් ඉලක්කය ඉහළ දැමුණු අතර, 2025 වසර අවසානයේදී එම සංශෝධිත ආදායම් ඉලක්කයද අභිබවමින් රුපියල් බිලියන 2557.5ක දැවැන්ත ආදායමක් රැස්කර ගැනීමට රේගුව සමත් විය.
රේගු කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඔක්තෝබර් 01 වැනිදා සිට රේගු ප්‍රකාශන ඉදිරිපත් කිරීම ඩිජිටල් අත්සන භාවිතා කිරීම ආරම්භ කළ අතර, ඔක්තෝබර් 19 වන දින සිට රේගු ප්‍රකාශන ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම ඩිජිටල් අත්සන සහිතව පමණක් සිදුකරන අතර පැරණි ක්‍රමයට ඉදිරිපත් කරන ලිපිද්‍රව්‍ය බාරගැනීම අවසන් කරනු ඇත.
ශ්‍රී ලංකා රේගුවේ ආදායම් රැස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීමත් සහ වංචා දූෂණ අවම කරමින් කටයුතු කිරීමත් නිසා කෙටි කලකින් රේගු ආදායම් අපේක්ෂිත ඉලක්ක අභිබවා යාමට මෙසේ සමත්ව ඇත.
Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි