LOLC සමූහය සහ මහජන බැංකුව අතර සිදුවූ බැංකු ණය පහසුකමක් සම්බන්ධයෙන් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමඟ යවන සුළු සහ අසත්‍ය තොරතුරු LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී (LOLC Holdings PLC) සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිල පැහැදිලි කිරීමක් සිදු කරමින් LOLC සමාගම සඳහන් කරන්නේ, අදාළ දේශීය මුදල් ණය ලබාගැනීම මහජන බැංකුවේම පවත්වාගෙන යනු ලබන ඇමරිකානු ඩොලර් තැන්පතුවකට හිමිකම් කියමින් ලබාගෙන ඇති බවත්, එම ණය පහසුකම වෙනුවෙන් බැංකුව සතුව පූර්ණ ඇපකරයන් පවතින බවයි.
තම ගෝලීය භාණ්ඩාගාර මෙහෙයුම්වල කොටසක් ලෙස, මහජන බැංකුව ඇතුළු ජාත්‍යන්තර සහ දේශීය බැංකු කිහිපයකම ඇමරිකානු ඩොලර් තැන්පතු පවත්වාගෙන යන බවයි එම සමූහය පවසන්නේ.
ශ්‍රී ලාංකේය සමූහ ව්‍යාපාරයන්හි දේශීය අරමුදල් ලබා ගැනීම සඳහා ඇපකරයක් ලෙස භාවිතා කරනු ලබන්නේ මෙම ඩොලර් තැන්පතුවල වටිනාකමයි.
එම තැන්පතුවේ පැවැත්ම හෝ එය පවතින ස්ථානය පිළිබඳ අවිනිශ්චිතතාවයක් පවතින බවටත්, මහජන බැංකුවට හඳුනා නොගත් විදේශීය දේපලක් අත්පත් කර ගැනීමට සිදුවන බවටත්, නැතහොත් මෙම ගනුදෙනුව මහජන තැන්පතු අවදානමේ හෙළන ඇප රහිත නිරාවරණයක් බවටත් කෙරෙන ප්‍රකාශයන්හි කිසිදු සත්‍ය පදනමක් නොමැති බව LOLC සමාගම අවධාරණය කරන්නේ.
මෙය සාමාන්‍ය භාණ්ඩාගාර ගනුදෙනුවක් ලෙස හඳුන්වමින් එම සමූහය සඳහන් කරන්නේ, මෙම ක්‍රමවේදය මඟින් තම ඇමරිකානු ඩොලර් වත්කම් සුරක්ෂිතව තබා ගනිමින් ශ්‍රී ලංකාව තුළ මෙන්ම රටවල් 27 ක් පුරා පැතිරුණු සිය ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා දේශීය මුදල් අරමුදල් රැස් කිරීමට හැකියාව ලැබෙන බවයි.
ලොව පුරා බහුජාතික සමාගම් විසින් බහුලව භාවිත කරනු ලබන භාණ්ඩාගාර සහ විදේශ විනිමය අවදානම් කළමනාකරණ පිළිවෙත්වල කොටසක් ලෙස මෙවැනි වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වන බව ද සමාගම පවසනවා.
මෙම ගනුදෙනුව ප්‍රශ්නගත බැංකු පිළිවෙතක්, විදේශ විනිමය සමපේක්ෂණයක් (speculative transaction) හෝ මහජන මුදල් අවභාවිතයක් ලෙස නිරූපණය කිරීමට දැරූ උත්සාහයන් සත්‍ය තොරතුරුවලින් තොර බවයි LOLC සමාගම පෙන්වා දෙන්නේ.
මෙවැනි අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු ප්‍රකාශයට පත් කිරීම සහ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අදාළ නියාමන සහ වෙනත් බලධාරීන්ගේ අවධානයට යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව ද එම සමූහය පවසනවා.
එමෙන්ම, නීතිමය රාමුවට යටත්ව, මෙම අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු නිර්මාණය කළ, ප්‍රකාශයට පත් කළ, දැනුවත්ව නැවත ප්‍රකාශ කළ හෝ නොසැලකිලිමත් ලෙස අඛණ්ඩව ප්‍රචාරය කිරීමට කටයුතු කළ පුද්ගලයින්ට සහ සංවිධානවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය ද සමාගම විසින් තබා ගෙන ඇති බව සදහන්.
තම මෙහෙයුම් කටයුතු පාරදෘශ්‍ය හා වගකීම් සහගත ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන අතරම, සමූහයේ සහ සියලුම පාර්ශවකරුවන්ගේ නීත්‍යානුකූල හිමිකම් ආරක්ෂා කිරීමට සුදුසු සෑම පියවරක්ම ගන්නා බවයි LOLC සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
පේරාදෙණිය හා වයඹ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සංවර්ධනයට රු. මිලියන 450ක්
Local
12 November 2026
ඩිජිටල් ආර්ථිකයේ නව පරිවර්තනයක්: පාසල් සිසුන් 750,000කට බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර්පත්
Local
12 November 2026
"අයවැයක් කියන්නේ ආදායම බෙදාහැරීම නෙමෙයි.. දෙන්න ඕන අයට සහන දුන්නා" - ඇමති අනිල්
Local
12 November 2026
අමෙරිකාවේ වොෂින්ටන් නුවර වෙඩි තැබීමක් - පස්දෙනෙකුට තුවාල
Local
12 November 2026
ජපන් යතුරුපැදි දෙකක් නිදහස් කර ගැනීමට රු. 30,000ක අල්ලසක් ගත්තැයි රේගු නිලධාරියෙක් අත්අඩංගුවට
Local
12 November 2026
"හිර ගෙවල් වැඩි කරන්න මුදල් වෙන්කරලා.. දෙන්න පුළුවන් උපරිමය අයවැයෙන් දීලා" - ඇමති හර්ෂණ
Local
12 November 2026
ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ දීමනා ඉහළට
Local
12 November 2026
තෙල් ගොඩබෑමේ කාලය පැය 96 සිට 48 දක්වා අඩු කිරීමට රු. බිලියන 16.3ක නල පද්ධති ව්‍යාපෘතියක්
Local
12 November 2026
ත්‍රිවිධ හමුදා, පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ දීමනා ඉහළ නැංවීමට යෝජනා
Local
12 November 2026
Nvidia හි ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං ඉල්ලා අස්වෙයි
Local
12 November 2026