දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ (SATA 2026) ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය සඳහා වන පාරිභෝගික තේරීමේ සම්මානය ශ්‍රීලංකන් ගුවන් සේවය දිනාගෙන තිබේ.
මෙවර සම්මාන උළෙලේදී මෙම අංශය යටතේ ඇගයීමට ලක්වූ එකම ජාත්‍යන්තර ගුවන් සමාගම ශ්‍රීලංකන් ගුවන් සේවය වන අතර, 10 වැනි වරටත් පැවැත්වුණු මෙම සම්මාන උළෙල මාලදිවයිනේ මාලේ නුවර Hotel Barcelo Nasandhura හිදී පැවැත්විණි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී දිමුත් තෙන්නකෝන් මහතා පැවසුවේ, මෙම සම්මානය මගීන්ට උසස් සේවාවක් සැපයීමට ගුවන් සේවය දක්වන කැපවීම සහ කලාපීය ගුවන් සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා එහි දායකත්වය පිළිබිඹු කරන බවයි. සංචාරක අත්දැකීම් තවදුරටත් වැඩිදියුණු කිරීමටත්, සේවා සපයන වෙළෙඳපොළ හා ජනතාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමටත් මෙම ඇගයීම දිරිගැන්වීමක් වන බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රීලංකන් ගුවන් සේවය දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, පාකිස්තානය, මාලදිවයින, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල ගමනාන්ත 15ක් වෙත සතියකට ගුවන් ගමන් 130කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරයි. එම ගුවන් ගමන් ජාලය කොළඹට පැමිණෙන ව්‍යාපාරික හා විවේක සංචාරකයන්ට මෙන්ම කොළඹ හරහා වෙනත් ජාත්‍යන්තර ගමනාන්ත වෙත ගමන් කරන මගීන්ටද පහසු සම්බන්ධතා සපයයි.
මෙම සම්මානය දකුණු ආසියානු සංචාරක ක්ෂේත්‍රයට සහ කලාපීය ගුවන් සම්බන්ධතා වර්ධනයට ශ්‍රීලංකන් ගුවන් සේවය ලබාදෙන දායකත්වය තවදුරටත් පිළිගැනීමකි.
Latest News
"සැමට කොටසක්" - පාසල් සිසුන් දායක කරගනිමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රවර්ධනයට නව වැඩසටහනක්
ගාල්ල නාකියාදෙණිය ප්‍රදේශයේ වෙළෙදසල් හතරක ගින්නක්
හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පහළට
ග්‍රාමීය ව්‍යවසායන් සවිබල ගැන්වීමට 4%ක සහන පොලියට රු. මිලියන 5ක් දක්වා ණය යෝජනා ක්‍රමයක්
ධීවර කර්මාන්තයේ නවීන තාක්ෂණය නඟා සිටුවීමට 5%ක සහන පොලියට රු.මිලියන 500ක් දක්වා ණය යෝජනා ක්‍රමයක්
සංචාරක සංවර්ධන බද්ද අහෝසි
කාන්තා මූලික පවුල් නඟා සිටුවීම සඳහා 3%ක සහනදායී පොලියට රු. මිලියන 1ක් දක්වා ණය යෝජනා ක්‍රමයක්
මත්තල ගුවන්තොටුපොළෙන් රු. මිලියන 70,000කට අධික සමුච්චිත අලාභයක්
දුම්රිය මාර්ග තුනක් විද්‍යුත්කරණයට රු. බිලියන 1,200ක්
පේරාදෙණිය හා වයඹ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සංවර්ධනයට රු. මිලියන 450ක්