ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, 2026 වසරේදී ලොව ප්‍රධාන ආර්ථිකයන් අතරින් වේගවත්ම ආර්ථික වර්ධනය වාර්තා කරන රට බවට ඉන්දියාව පත්වෙනු ඇතිබව බැංකොක් නුවර පැවැති මූල්‍ය අරමුදලේ වාර්ෂික හමුවේදී ඔක්තෝබර් 13 වන දින එළිදැක්වූ 'ලෝක ආර්ථික පෙරදැක්ම' (World Economic Outlook) වාර්තාවේ සඳහන් වෙනවා.
මුදල් වර්ෂය පදනම් කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගණන් බලා ඇත්තේ 2026 සහ 2027 යන වසර දෙකෙහිදීම ඉන්දියානු ආර්ථිකය සියයට 7.0 ක ප්‍රතිශතයකින් වර්ධනය වනු ඇති බවයි.
2026 වසර සඳහා ලබා දී ඇති මෙම නව තක්සේරුව, ඉකුත් ජූලි මාසයේදී පුරෝකථනය කළ සියයට 6.4 ට වඩා සියයට 0.6 ක වැඩිවීමක්.
එය පදනම් කරගනිමින් ඉන්දියාවේ ආර්ථික වර්ධනය 2026 දී සියයට 7.4 ක් සහ 2027 දී සියයට 7.0 ක් වනු ඇති බවට අරමුදල පෙන්වා දෙනවා
ගෝලීය ආර්ථිකයේ පසුබෑමක් දක්නට ලැබෙන පසුබිමක ඉන්දියාවේ මෙම වර්ධනය කැපී පෙනෙන තත්ත්වයක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව 2025 දී සියයට 3.5 ක් වූ ගෝලීය ආර්ථික වර්ධනය 2026 දී සියයට 3.1 දක්වා මන්දගාමී වනු ඇති අතර, එසේම ලොව විශාලතම ආර්ථිකයන් දෙක වන ඇමරිකා එක්සත් ජනපදය 2026 දී සියයට 2.3 ක වර්ධනයක් ද, චීනය සියයට 4.5 ක වර්ධනයක් ද ලබා ගනිමින් ඉන්දියාවට වඩා බෙහෙවින් පසුපසින් සිටිනවා.
මැදපෙරදිග අර්බුදය හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාම සහ දේශීය පාරිභෝගික වියදම් පහළ යාම නිසා චීනයේ ආර්ථික වර්ධන වේගය පහත වැටී ඇති අතර, ඒ අනුව මේ වසරේදී චීනයට වඩා සියයට 2.5 ක වැඩි වර්ධනයක් ලබා ගැනීමට ඉන්දියාව සමත්ව සිටිනවා.
Latest News
මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
"සැමට කොටසක්" - පාසල් සිසුන් දායක කරගනිමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රවර්ධනයට නව වැඩසටහනක්
ගාල්ල නාකියාදෙණිය ප්‍රදේශයේ වෙළෙදසල් හතරක ගින්නක්
හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පහළට
ග්‍රාමීය ව්‍යවසායන් සවිබල ගැන්වීමට 4%ක සහන පොලියට රු. මිලියන 5ක් දක්වා ණය යෝජනා ක්‍රමයක්
ධීවර කර්මාන්තයේ නවීන තාක්ෂණය නඟා සිටුවීමට 5%ක සහන පොලියට රු.මිලියන 500ක් දක්වා ණය යෝජනා ක්‍රමයක්
සංචාරක සංවර්ධන බද්ද අහෝසි
කාන්තා මූලික පවුල් නඟා සිටුවීම සඳහා 3%ක සහනදායී පොලියට රු. මිලියන 1ක් දක්වා ණය යෝජනා ක්‍රමයක්
මත්තල ගුවන්තොටුපොළෙන් රු. මිලියන 70,000කට අධික සමුච්චිත අලාභයක්
දුම්රිය මාර්ග තුනක් විද්‍යුත්කරණයට රු. බිලියන 1,200ක්