පෑන් ඒෂියා බැංකුව සිය ‘තිරසර කෘෂිකාර්මික ණය වැඩසටහන 2026’ යටතේ උතුරු මැද පළාතේ සුළු පරිමාණ ගොවීන්ට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප සහ වාරි පහසුකම් ලබා ගැනීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන තිබේ. Our Movement of Lanka (OML) සංවිධානය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ගොවීන්ගේ ඉන්ධන වියදම් අඩු කරමින් කෘෂිකාර්මික කටයුතුවල කාර්යක්ෂමතාව සහ තිරසරභාවය ඉහළ නැංවීමයි.
මෙම වැඩසටහන පිළිබඳව ගොවි ප්‍රජාව දැනුවත් කිරීමේ හමුවක් සැප්තැම්බර් 11 වැනිදා අනුරාධපුර ගලෙන්බිඳුණුවැවදී පැවැත්විණි. ගොවීන් සහ ප්‍රජා නායකයන් 50කට ආසන්න පිරිසක් සහභාගි වූ එහිදී සූර්ය බල වාරි පද්ධතිවල ප්‍රතිලාභ සහ ඒ සඳහා බැංකුවෙන් ලබාගත හැකි මූල්‍ය පහසුකම් පිළිබඳව දැනුවත් කෙරිණි. එමෙන්ම, සාර්ථකව ක්‍රියාත්මක කළ සූර්ය බල ජල පොම්ප ව්‍යාපෘතියක් ද එහිදී ප්‍රදර්ශනය කෙරිණි.
සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප භාවිතයෙන් පොසිල ඉන්ධන මත යැපීම අවම කර ගැනීමටත්, වගාවන්ට ජලය සැපයීමේ පිරිවැය අඩු කර ගැනීමටත් ගොවීන්ට අවස්ථාව සැලසේ.
පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී නලීන් එදිරිසිංහ මහතා පැවසුවේ කෘෂිකර්මාන්තයේ ප්‍රායෝගික අවශ්‍යතාවලට ගැළපෙන මූල්‍ය විසඳුම් ගොවීන්ට අවශ්‍ය බවයි. සූර්ය බල වාරි පහසුකම් ලබා ගැනීම පහසු කිරීම තුළින් වියදම් අඩු කර ගැනීමට, කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට සහ වඩාත් තිරසර ජීවනෝපායක් ගොඩනඟා ගැනීමට ගොවීන්ට සහාය විය හැකි බව ඔහු සඳහන් කළේය. OML සංවිධානය සමඟ ඇති හවුල්කාරිත්වය හරහා මෙම අවස්ථාව උතුරු මැද පළාතේ ගොවි ප්‍රජාව වෙත සෘජුවම ගෙන යාමට හැකි වී ඇති බව ද ඔහු පැවසීය.
OML සංවිධානය උතුරු මැද පළාතේ ක්‍රියාකාරී සාමාජික ගොවීන් 5,000කට අධික පිරිසක් සමඟ කටයුතු කරයි. මිරිස්, කොමඩු, වම්බටු, මාළු මිරිස්, තක්කාලි සහ කැන්ටලූප් වගාකරුවෝ ඒ අතර වෙති. මෙම හවුල්කාරිත්වය යටතේ කෘෂිකාර්මික ණය පහසුකම් සැපයීමේදී ඇති අවදානම් භාර ගනිමින් සහනදායී කොන්දේසි මත සූර්ය බල ජල පොම්ප ලබා ගැනීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට පෑන් ඒෂියා බැංකුව කටයුතු කරයි.
බැංකුවේ ශාඛා ණය අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී නිමල් රත්නායක මහතා පැවසුවේ තිරසර වාරි විසඳුම් සඳහා ආයෝජනය කිරීමට සුළු පරිමාණ ගොවීන්ට ඇති මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි. සහනදායී ණය කොන්දේසි යටතේ සූර්ය බල තාක්ෂණය භාවිතයට ගැනීමට අවස්ථාව සැලසීමෙන් ගොවිතැන් කටයුතුවල කාර්යක්ෂමතාව සහ තිරසරභාවය ඉහළ නැංවීමට දායක විය හැකි බව ඔහු සඳහන් කළේය.
වැඩසටහනේ ප්‍රතිලාභ ලැබූ ගොවියකු පැවසුවේ සූර්ය බල ජල පොම්පය භාවිතයෙන් වගාවට ජලය සැපයීම පහසු වී ඇති අතර ඉන්ධන මත යැපීම ද අඩු වී ඇති බවයි. මූල්‍ය පහසුකම් ලැබීම හේතුවෙන් තමන් වැනි ගොවීන්ට මෙම තාක්ෂණය ප්‍රායෝගික විසඳුමක් වී ඇති බව ද ඔහු සඳහන් කළේය.
Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි