Business03 November 2026

පෑන් ඒෂියා බැංකුව දිවයින පුරා ‘ඉතුරුම් සංග්‍රාමය’ දියත් කරයි

ලෝක සකසුරුවම් දිනයට සමගාමීව පෑන් ඒෂියා බැංකුව, දිවයින පුරා සිය ශාඛා ජාලය බලමුළු ගන්වමින් 2026 ඔක්තෝබර් 24 වැනි සෙනසුරාදා ‘ඉතුරුම් සංග්‍රාමය’ නමින් සුවිශේෂී වැඩසටහනක් දියත් කළේය. ඔක්තෝබර් 31 වැනිදාට යෙදෙන ලෝක සකසුරුවම් දිනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහනේ අරමුණ වූයේ බැංකු ශාඛාවලින් ඔබ්බට ගොස් නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව අතර ඉතිරි කිරීමේ පුරුද්ද ප්‍රචලිත කිරීමයි.

දීප්තිමත් හා වඩාත් සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සඳහා නිතිපතා ඉතිරි කිරීමේ වැදගත්කම පිළිබඳ පණිවුඩය ජනතාව වෙත ගෙන ගිය මෙම වැඩසටහනට දිවයින පුරා පෑන් ඒෂියා බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ 1,200කට ආසන්න පිරිසක් එක් වූහ.

පෑන් ඒෂියා බැංකුවේ 31 වැනි සංවත්සරය ද 2026 ඔක්තෝබර් 26 වැනිදාට යෙදී තිබූ අතර, මෙම වැඩසටහන ඔස්සේ බැංකුව සිය දශක තුනකට අධික සේවා අත්දැකීම් සහ වර්ධනය වන ඩිජිටල් බැංකුකරණ සේවා පිළිබඳව ද ජනතාව දැනුවත් කළේය. සැබෑ ශ්‍රී ලාංකේය බැංකුවක් ලෙස සිය අනන්‍යතාව තහවුරු කරමින්, බැංකු සේවා සියලු දෙනාට වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි, සරල හා පහසු අත්දැකීමක් බවට පත් කිරීම වෙනුවෙන් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන බව බැංකුව සඳහන් කළේය.

‘ඉතුරුම් සංග්‍රාමය’ ඔස්සේ ලෝක සකසුරුවම් දින පණිවුඩය ගිණුමක් විවෘත කිරීමෙන් ඔබ්බට ගෙන යාමට බැංකුව කටයුතු කළේය. පුද්ගලයන්ගේ මෙන්ම ආයතනවල ද මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කරමින් අනාගත අභියෝගවලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීමට ඉතිරි කිරීමේ පුරුද්ද දායක වන බව එහිදී අවධාරණය කෙරිණි.

පහසු ඩිජිටල් බැංකුකරණ ක්‍රමවේද හඳුන්වා දීම ද වැඩසටහනේ තවත් අංගයක් විය. ඒ අනුව, බැංකු කාර්ය මණ්ඩලය විසින් මාර්ගගතව ගිණුම් විවෘත කිරීමේ පහසුකම සලසන Ezy Apply සේවාව ගනුදෙනුකරුවන්ට හඳුන්වා දී ඒ වෙත යොමු කිරීම සිදු කරන ලදී.

බැංකුවේ ඉතුරුම් ගිණුම් අතරින් Champion Saver ගිණුම කැපී පෙනෙන අතර, එමගින් අවශ්‍ය ඕනෑම අවස්ථාවක මුදල් ලබා ගැනීමේ පහසුව සමඟ මාසයකට දෙවරක් පොලී ලබා දෙයි. BlueChip Money Market Savings ගිණුම මගින් ගිණුමේ ශේෂය මත පදනම් වූ පොලී අනුපාත සහ ඉහළ ශේෂයන් සඳහා වැඩි ප්‍රතිලාභ ලබා දෙයි.

මීට අමතරව, අලුතින් හඳුන්වා දුන් Pan Asia EZY App මගින් ශාඛාවකට නොපැමිණ ගිණුම් ශේෂ පරීක්ෂා කිරීම, මුදල් හුවමාරු කිරීම, බිල්පත් හා QR ගෙවීම් සිදු කිරීම මෙන්ම JustPay හරහා වෙනත් බැංකුවල ගිණුම් වෙත මුදල් එක් කිරීම ඇතුළු පහසුකම් රැසක් සලසා තිබේ.

Related recommendation
Hiru TV News | Programmes