සුළි කුණාටුවෙන් පසු අනුරාධපුරයේ පාසල් ගොඩනැගීමට රු. මිලියන 23ක කොළඹ පෝට් සිටි රොටරි ව්‍යාපෘති
ඩිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසු අනුරාධපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපනික යටිතල පහසුකම් යළි ගොඩනැගීමේ අරමුණින්, රොටරි දිස්ත්‍රික් 3220ට අයත් කොළඹ පෝට් සිටි රොටරි සමාජය (RCPC) විසින් රුපියල් මිලියන 23කට ආසන්න වටිනාකමකින් යුත් ව්‍යාපෘති තුනක් සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ.
පාසල් ප්‍රතිසංස්කරණය, ගංවතුර අවදානමට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් නංවාලීම මෙම ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණු වේ. Fairfax Canada / Fairfirst Insurance Ltd. ආයතනය ව්‍යාපෘති දෙකකට අනුග්‍රහය ලබා දී ඇති අතර, Dr. Guido Leysens සහ Dr. Anne Leysens යන බෙල්ජියම් ජාතික පරිත්‍යාගශීලීන් පෙරපාසලක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට සහාය වී තිබේ.
ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කොළඹ පෝට් සිටි රොටරි සමාජය විසින් මෙහෙයවන ලද අතර, අනුරාධපුර රොටරි සමාජය සම්බන්ධීකරණයට දායක වී ඇත.
Fairfax Canada / Fairfirst Insurance Ltd. අනුග්‍රහයෙන් රුපියල් මිලියන 16ක වියදමින් ගල්කුලම ඒ/දම්මින්න විද්‍යාලයේ ගොඩනැගිලි පහක් ප්‍රතිසංස්කරණය කිරීම මාස පහක් ඇතුළත නිම කර තිබේ. අනාගත ගංවතුර තත්ත්වයන්ට වඩාත් හොඳින් ඔරොත්තු දීම සඳහා ද ගොඩනැගිලිවල ආරක්ෂාව හා ශක්තිමත්භාවය වැඩිදියුණු කර ඇත. මෙම ව්‍යාපෘතියෙන් අවට ග්‍රාමීය ප්‍රදේශවල සිසුන් 850කට ආසන්න පිරිසකට ප්රතිලාභ හිමි වේ.
එම ආයතනයේ අනුග්‍රහයෙන් රුපියල් මිලියන පහක වියදමින් වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන් කර ඇති ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සහ අත්‍යවශ්‍ය උපකරණ ලබාදීම ද මාස හතරක් තුළ නිම කර තිබේ. සිසුන් 6,000කට අධික පිරිසක් අධ්‍යාපනය ලබන අනුරාධපුරයේ විශාලතම රජයේ පාසල වන මෙම විද්‍යාලයේ ව්‍යාපෘතිය, සියලු දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක විය.
ඩිට්වා සුළි කුණාටුවෙන් හානි වූ කලාඔය විශාඛා පෙරපාසල රුපියල් මිලියන 1.8ක වියදමින් ප්‍රතිසංස්කරණය කිරීම ද මාස තුනක් ඇතුළත නිම කර තිබේ. Dr. Guido Leysens සහ Dr. Anne Leysens ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියෙන් කුඩා දරුවන් 30 දෙනකුට යහපත් ඉගෙනුම් පරිසරයක් සලසා ඇත.
කොළඹ පෝට් සිටි රොටරි සමාජයේ සභාපති Rtn. Mahen Kariyawasan මහතා පැවසුවේ, “මෙම ව්‍යාපෘති මඟින් ප්‍රජාවන් යළි ගොඩනැගීමටත්, සෑම දරුවෙකුටම ආරක්ෂිත සහ සහායක ඉගෙනුම් පරිසරයකට ප්‍රවේශ වීමේ අවස්ථාව සැලසීමටත් අප සතු කැපවීම පිළිබිඹු වේ,” යනුවෙනි.
“Service Above Self” යන රොටරි සමාජයේ පරමාදර්ශය අර්ථවත් කරමින්, අධ්‍යාපන පහසුකම් ශක්තිමත් කිරීමටත්, ආපදාවලින් පීඩාවට පත් ප්‍රජාවන්ට බලාපොරොත්තුවක් ලබාදීමටත් කොළඹ පෝට් සිටි රොටරි සමාජය අඛණ්ඩව කැපවී සිටී.
Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි