ශ්‍රී ලාංකික ජනතාවගේ මූල්‍ය දැනුම ඉහළ නැංවීම සහ වගකීම්සහගත බැංකුකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සිය කැපවීම යළිත් තහවුරු කරමින් පෑන් ඒෂියා බැංකුව FinLit Expo 2026 මූල්‍ය සාක්ෂරතා ප්‍රදර්ශනයට සක්‍රීයව සහභාගි විය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලද මෙම ජාතික ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වූයේ මහජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සහ වඩාත් දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට ඔවුන් දිරිමත් කිරීමයි. ඔක්තෝබර් 8 සහ 9 යන දෙදින රාජගිරියේ බැංකු විදු පියසේදී පැවැති මෙම ප්‍රදර්ශනයට මූල්‍ය සේවා ක්ෂේත්රයේ ආයතන රැසක් සහභාගි වූ අතර, බැංකුකරණය, මූල්‍ය නිෂ්පාදන හා සේවා මෙන්ම විධිමත් මූල්‍ය කළමනාකරණයේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ද එමඟින් අවස්ථාව සැලසිණි.
පෑන් ඒෂියා බැංකුවේ අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී නලීන් එදිරිසිංහ මහතා ඇතුළු බැංකුවේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ. සමාජයේ සියලු තරාතිරම්වල ජනතාවට මූල්‍ය දැනුම වඩාත් පහසුවෙන් ලබාදීම අරමුණු කරගත් සාමූහික ප්රයත්නයට බැංකුවේ සහයෝගය මෙහිදී ප්‍රකාශ කෙරිණි.
මූල්‍ය සාක්ෂරතාවේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් නලීන් එදිරිසිංහ මහතා මෙසේ පැවසීය.“මූල්‍ය සාක්ෂරතාව යනු පුද්ගලයන්ට නිවැරදි තීරණ ගැනීමටත්, තම මුදල් වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීමටත්, අනාගතය පිළිබඳ වැඩි විශ්වාසයකින් යුතුව සැලසුම් සකස් කිරීමටත් උපකාරී වන අත්‍යවශ්‍ය ජීවන කුසලතාවක්.
පෑන් ඒෂියා බැංකුව ලෙස අප විශ්වාස කරන්නේ වගකීම්සහගත බැංකුකරණය යනු මූල්‍ය සේවා සැපයීමට පමණක් සීමා වූවක් නොවන බවයි. දිනෙන් දින සංකීර්ණ වන මූල්‍ය පරිසරය තුළ නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය දැනුම සහ ආත්මවිශ්වාසය ජනතාව තුළ ගොඩනැංවීම ද එහි වැදගත් අංගයක්. FinLit Expo වැනි වැඩසටහන් මෙම පොදු අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සමස්ත මූල්‍ය ක්ෂේත්රයටම එක්ව කටයුතු කිරීමට වටිනා අවස්ථාවක් සලසා දෙනවා.”
මූල්‍ය දැනුවත්භාවය වර්ධනය කිරීම, මූල්‍ය අන්තර්කරණය පුළුල් කිරීම සහ සමාජයට දිගුකාලීන යහපත් බලපෑමක් ඇති කිරීම අරමුණු කරගත් වැඩසටහන් රැසක් පෑන් ඒෂියා බැංකුව ක්ෂේත්රයේ අනෙකුත් පාර්ශ්වකරුවන් සහ ප්‍රජා සංවිධාන සමඟ එක්ව ක්‍රියාත්මක කරයි.
FinLit Expo 2026 ප්‍රදර්ශනයට සහභාගි වීම තුළින් මූල්‍ය සේවා පිළිබඳ මහජන අවබෝධය පුළුල් කිරීම, වගකීම්සහගත මූල්‍ය හැසිරීම් දිරිගැන්වීම සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුළ ජනතාවගේ වඩාත් පුළුල් හා දැනුවත් සහභාගිත්වයක් ඇති කිරීම සඳහා වන ක්ෂේත්රයේ සාමූහික ප්රයත්නයට පෑන් ඒෂියා බැංකුව සිය දායකත්වය ලබා දෙයි.
ඡායාරූපය: ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කළ FinLit Expo 2026 ප්‍රදර්ශනයට සහභාගි වූ පෑන් ඒෂියා බැංකුවේ අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී නලීන් එදිරිසිංහ මහතා (මැද) ඇතුළු බැංකුවේ නිලධාරීන් පිරිසක්.
Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි