2016 වසරේ පැවති බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් පසු බ්‍රිතාන්‍ය පවුමේ සමස්ත විනිමය වටිනාකම වසර 10කට වැඩි කාලයකින් වාර්තා වූ ඉහළම මට්ටමට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉදිරියේදී බ්‍රිතාන්‍යයේ පොලී අනුපාත ඉහළ නැංවීමට අපේක්ෂා කිරීමත් සමග පසුගිය සති කිහිපය තුළ අමෙරිකානු ඩොලරයට සහ යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුම සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබෙනවා.
එංගලන්ත මහ බැංකුවේ දත්ත අනුව, ලෝකයේ ප්‍රධාන මුදල් ඒකක 18ක එකතුවකට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමේ වටිනාකම මනින දර්ශකය ඒකක 86.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
එය 2016 ජුනි මාසයේ පැවති බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් පසු වාර්තා වූ සම ඉහළම අගය ලෙස සැලකෙනවා.
අදාළ දර්ශකයේ 2005 වසරේ පවුමේ වටිනාකම ඒකක 100ක් ලෙස සලකනු ලබන අතර, නවතම අගය නිල වශයෙන් තහවුරු කිරීමට නියමිතයි.
2016 වසරේදී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කිරීමෙන් අනතුරුව පවුමේ වටිනාකම සැලකිය යුතු ලෙස පහත වැටුණා.
ඉන් අනතුරුව බ්‍රෙක්සිට් ක්‍රියාවලිය, කොවිඩ් වසංගතය සහ 2022 වසරේ ආර්ථික අර්බුදයට තුඩුදුන් කුඩා අයවැය හේතුවෙන් ද බ්‍රිතාන්‍ය මුදල් ඒකකයේ වටිනාකම තවදුරටත් පහළ ගොස් තිබුණා.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික වර්ධනය සහ යුරෝපා සංගමය සමග සබඳතා යළි ශක්තිමත් වීම ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ යාමට හේතු වී ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
හිටපු බ්‍රිතාන්‍ය භාණ්ඩාගාර අමාත්‍යවරයෙකු මෙන්ම ආර්ථික විද්‍යාඥයෙකු වන ජිම් ඕ'නීල් ප්‍රකාශ කර ඇත්තේ, බ්‍රිතාන්‍ය ආර්ථිකයේ වර්ධනය වන ශක්තිය බොහෝ දෙනෙකු අවතක්සේරු කර ඇති බවයි.
මේ අතර, බ්‍රිතාන්‍ය පවුම ශක්තිමත් වීම ආනයනික භාණ්ඩවල මිල පාලනය කිරීමට සහ උද්ධමනය අඩු කිරීමට උපකාරී වනු ඇති බව ද ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.
එමගින් විදේශීය භාණ්ඩ මිලදී ගැනීමේදී මෙන්ම විදෙස් සංචාරවලදී ද බ්‍රිතාන්‍ය පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ හැකියාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙම වසරේ මේ දක්වා බ්‍රිතාන්‍ය ආර්ථිකය අපේක්ෂිත මට්ටම ඉක්මවා වර්ධනය වී තිබුණ ද ඉන්ධන සහ බලශක්ති මිල ඉහළ යාම පාරිභෝගික විශ්වාසයට අහිතකර බලපෑම් එල්ල කර ඇති බව ද වාර්තා වනවා.
එවැනි පසුබිමක එංගලන්ත මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුව පොලී අනුපාත සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.
එහිදී වසර තුනකට පසු ප්‍රථම වරට පොලී අනුපාත ඉහළ නැංවීමට බොහෝ දුරට ඉඩ ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂකයින් පුරෝකථනය කර තිබෙනවා.
ඊයේ එරට වේලාවෙන් රාත්‍රී 11.01 වන විට බ්‍රිතාන්‍ය පවුම අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 0.28කින් ඉහළ ගොස් ඩොලර් 1.3434ක් ලෙස සටහන් වී තිබුණා.
එම අවස්ථාවේදී යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව පවුමේ වටිනාකම යුරෝ 1.1996ක් ලෙස පැවති බව ද විදෙස් වාර්තා සඳහන් කරනවා.
මූලාශ්‍රය : BBC

Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
Local
16 November 2026
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
Local
15 November 2026
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
Local
15 November 2026
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
Local
15 November 2026
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
Local
15 November 2026
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
Local
15 November 2026
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
Local
15 November 2026
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
Local
15 November 2026
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
Local
15 November 2026
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්
Local
15 November 2026