Business08 May 2013

බොරතෙල් සොයා අසාර්බයිජානයට දූත පිරිසක්.



අසාර්බයිජානයෙන් බොරතෙල් ආනයනය කිරීමට ඇති හැකියාව පිළිබද සොයා බැලීමට ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඉරානයට පනවා ඇති ඇමරිකානු සම්බාධක හේතුවෙන් බොරතෙල් ආනයනය කිරීමේ දී පවතින දුෂ්කරතා සැලකිල්ලට ගනිමිනුයි මේ පිළිබදව අවධානය යොමු වී ඇත්තේ. ඒ අනුව ඉදිරියේදී මේ පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ දූත පිරිසක් අසාර්බයිජානයේ සංචාරය කිරීමට ද නියමිතයි. අසාර්බයිජානයේ විදේශ ඇමතිවරයා සහ ජනාධිපතිවරයා අතර පෙරේදා (06) පැවැති සාකච්ඡාවේදී ද මේ පිළිබදව මූලික වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes