ඉරාන තෙල් ආනයනය සඳහා ඇමරිකාව විසින් පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක අද (05) නැවතත් දීර්ඝ කිරීමට නියමිතයි. සය මසක් සඳහා ක්‍රියාත්මක වන මෙම සම්බාධක අද යලි දීර්ඝ කළ ද, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 9 කට එහිදී සහනයක් ලබාදීමට ඔබාමා පරිපාලනය තීරණය කර ඇති බව, එහි ඉහළ පෙලේ නිලධාරියෙකු ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා වෙත ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියාව, චීනය සහ ශ්‍රී ලංකාව ඇතුළු එම රටවල් ඉරාන තෙල් ආනයනය කැපී පෙනෙන ලෙස සීමා කිරීම නිසයි එම සහනය හිමිවන්නේ. මෙරට ක්‍රියාත්මක එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද පිරිපහදුව සඳහා ඉරාන බොරතෙල් අත්‍යාවශ්‍යයි. සම්බාධක හේතුවෙන් ඉරාන තෙල් වෙනුවට විවිධ රටවලින් ආනයනය කෙරෙන තෙල් යොදාගෙන එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගැණුනා. ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල ඉලක්ක කරගෙන මෙම ඇමරිකානු සම්බාධක ක්‍රියාත්මකයි.
Latest News
බ්ලින්කෝවා පරදා රාඩුකානු යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වෙයි!
Local
10 June 2026
වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට
Local
09 June 2026
දික්ඔය ඩන්කන් වතුයායේ කම්කරුවන් වැඩ වර්ජනයක
Local
09 June 2026
සලේ තවමත් උපවාසයේ: වද හිංසා සිදුව නැතැයි අමාත්‍ය නලින්ද කියයි
Local
09 June 2026
මහින්ද සහ ගෝඨාභය සමග ඇති දේශපාලන ප්‍රශ්නවලට රණවිරුවන් පටලවා නොගන්නැයි නාමල්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්!
Local
09 June 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකයින්ගෙන් පැය 24ක සංකේත වර්ජනයක්
Local
09 June 2026
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්
Local
09 June 2026
සංවිධානාත්මක අපරාධ කල්ලියක 10ක් අත්අඩංගුවට
Local
09 June 2026
ලෝඩ්ස් සහ ලාහෝර් පිටිවලට ICCයෙන් 'අසතුටුදායක' සහතිකයක්: ලෝඩ්ස් වෙනුවෙන් MCCය සමාව අයදියි
Local
09 June 2026
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14ක ජල කප්පාදුවක්
Local
09 June 2026