Business09 June 2013

අප්‍රේල් විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.9 ක්.

මේ වසරේ අප්‍රේල් මාසය අවසන්වනවිට මෙරට විදේශීය සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.9 ක් වූ බව මහ බැංකුව පවසනවා. එය ආනයනික මාස 4.4 කට සමාන අගයක්. මේ වසර තුළදී විදේශ විනිමය වෙළඳපොලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 580 ක් පමණ අවශෝෂණය කරගත් බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ. සේවා අංශයේ ඉහළ ගිය ඉපයීම්, ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ ආයෝජන මේ සඳහා හේතුවී තිබෙනවා. එමෙන්ම මේ වසර තුළදී ප්‍රධාන මූල්‍ය ඒකකයන්ට සාපේක්ෂව රුපියල ශක්තිමත් වූ බවයි මහ බැංකුවේ නවතම මුදල් ප්‍රතිපත්ති විවරණයේ දැක්වෙන්නේ.

Related recommendation
Hiru TV News | Programmes