Business20 June 2013

මෙරට තලවලට ඉන්දියාවේ ඉල්ලූමක්.

රජරට කලාපයේ වගා කෙරෙන තල වගාව සඳහා ඉන්දියානු වෙළඳපලේ ඉහළ ඉල්ලූමක් දක්නට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. රජරට කලාපයේ කැකිරාව, අනුරාධපුරය, තඹුත්තේගම, ගල්කිරියාගම හා කලාවැව ප්‍රදේශවල මේ දිනවල වගා කෙරුණු තල අස්වැන්න නෙලීමේ කටයුතු ආරම්භ වී ඇති බවයි වාර්තාවන්නේ. මේ හේතුව නිසා ඉන්දියානු වෙළඳ සමාගම් කිහිපයක් මෙරට තල මිලදී ගැනීම සඳහා දැනටමත් ඉදිරිපත් වී ඇති බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. මේ වනවිට  වෙළඳපලේ තල කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 180 කටයි.

Related recommendation
Hiru TV News | Programmes