බොලිවුඩයේ 'භායිජාන්' ලෙසින් හැඳින්වෙන ජනප්රිය නළු සල්මාන් ඛාන් විසින් සිය පෞද්ගලික ජීවිතයේ නව අපේක්ෂාවක් හෙළිදරව් කරමින් ප්රකාශ කර තිබෙනවා. ඒ තමාට දරුවන් අවශ්ය බවයි.
දෙසැම්බර් මාසයේදී 60 වියට පා තබන මෙම නළුවා, දරුවන් ලැබීමේ සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ මා කිසි දිනෙක දරුවන් දරුකමට හදා ගැනීමට අදහස් නොකරන බවයි.
වසර කිහිපයකට පෙර ‘කෝෆී විත් කරන්’ (Koffee with Karan) වැඩසටහනේදී තමාටම "සදාකාලික කන්යාව" යන නාමය ලබා දුන් සල්මාන්, නව සම්මුඛ සාකච්ඡාවකදී ප්රකාශ කර ඇත්තේ තමා ඉතා ඉක්මනින්ම දරුවන් ලැබීමට සැලසුම් කරන බවයි.
"දරුවන්, මට දවසක ලැබෙනු ඇත. ඉක්මනින්ම..." ඔහු සඳහන් කර ඇත. කෙසේ වෙතත්, ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් විමසූ විට, ඔහු ඊට ප්රතිචාර දැක්වූයේ එය "දෙවියන්ගේ කැමැත්ත පරිදි" සිදුවනු ඇති බවයි.
තවද, දරුවන් හදා ගැනීමට අදහස් නොකරන බව දැඩිව කියා සිටි නළුවා වැඩිදුරටත් සඳහන් කළේ, තමාට දරුවන් සිටියහොත් ඔවුන් ඇති දැඩි කිරීමට වඩාත් සතුටු වන විශාල පවුලක් තමා සතුව සිටින බවයි.
මේ අතර, අමීර් ඛාන් සමඟ සහභාගී වූ 'ටූ මච් විත් කාජෝල් ඇන්ඩ් ට්වින්කල්' (Two Much with Kajol and Twinkle) හි පැවති කතාබහකදී, ට්වින්කල් ඛන්නා විසින් සල්මාන්ගේ "සදාකාලික කන්යාව" යන නාමය සම්බන්ධයෙන් විහිළුවක් කරමින් ඔහුට දරුවන් 12 දෙනෙකු සිටිය හැකි බවට සැක පළ කළාය.
ඊට ප්රතිචාර දැක්වූ සල්මාන්, "මට දරුවන් සිටියා නම්, ඔබට දැනගන්නට ලැබෙනු ඇත" යනුවෙන් තරයේ කියා සිටියේය.
බොලිවුඩයේ වැඩිම වැටුපක් ලබන නළුවන් අතර සිටින සල්මාන් ඛාන්, මේ දක්වා විවාහ වී නොසිටින අතර, ඔහුගේ මෙම ප්රකාශය බොලිවුඩ් රසිකයන් අතර වැඩි කතාබහට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Latest News
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අට්ටාල ඉවත් කරගත් මහා සංඝරත්නය බුද්ධශාසන අමාත්යාංශය අසලට
Local
16 October 2026
කොළඹ සහ සෞදි අරාබියේ දම්මාම් සහ රියාද් අතර ශ්රීලන්කන් ගුවන් ගමන් අත්හිටුවීම ඔක්තෝබර් 24 දක්වා දීර්ඝ කෙරේ
Local
16 October 2026
ශිරන්තිට බයිපාස් සැත්කමක් අවශ්ය බව වෛද්ය වාර්තාව මගින් අධිකරණයට දැනුම් දෙයි
Local
16 October 2026
ජපානය අභිබවා ඉන්දියාව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත්වන ලකුණු – ජාත්යන්තර මූල්ය අරමුදල
Local
16 October 2026
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සුරේෂ් සලේ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
Local
16 October 2026
කියුබානු තානාපතිනිය සහ අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් අතර අධ්යාපන හා සෞඛ්ය සහයෝගීතාව ව්යාප්ත කිරීමට සාකච්ජා
Local
16 October 2026
අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී
Local
16 October 2026
කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක්
Local
16 October 2026
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි
Local
16 October 2026
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්රී ලංකාවේදී විවෘත වෙයි
Local
16 October 2026