Entertainment25 September 2026

සුපිරි ගායිකා ටේලර් ස්විෆ්ට් 'Showgirl' ඇල්බමයේ නවතම 'Encore' සංස්කරණය එළිදක්වයි!

ජනප්‍රිය පොප් සංගීත තරුණියක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift) විසින් ඇයගේ අතිශයින් ජනප්‍රිය 'Showgirl' ඇල්බමයේ විශේෂ 'Encore' සංස්කරණය නිල වශයෙන් නිකුත් කර තිබෙනවා.

මෙම නව නිකුතුවත් සමග ඇයගේ සංගීත ලෝලීන් අතර දැඩි උද්යෝගයක් නිර්මාණය වී ඇති අතර, එය ගෝලීය streaming ලැයිස්තුවල ඉහළ ස්ථාන කරා ළඟා වෙමින් පවතිනවා.

ප්‍රධාන ඇල්බමයට අමතරව අතිරේක ගීත සහ විශේෂ අංගයන්ගෙන් සමන්විත මෙම 'Encore' සංස්කරණය හරහා ටේලර් ස්විෆ්ට් සිය රසිකයන්ට නව අත්දැකීමක් ලබා දී ඇති බව විචාරකයෝ පෙන්වා දෙන අතරම, ගීත ක්ෂේත්‍රයේ නව වාර්තා තබමින් අඛණ්ඩව ඉදිරියට පැමිණෙන ඇයගේ මෙම නවතම නිකුතුවත් සමග මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවධානය දැඩි ලෙස ඇය වෙත යොමුව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes