ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් ලබා ඇති Capcom සමාගමේ 'Resident Evil Requiem' වීඩියෝ ක්‍රීඩාවේ (Video Game) සමස්ත අලෙවියෙන් Xbox කොන්සෝල (Consoles) සඳහා අලෙවි වී ඇත්තේ 8.6% ක තරම් කුඩා ප්‍රතිශතයක් බව නවතම වෙළඳපොළ විශ්ලේෂණ වාර්තාවක් හෙළි කරනවා.
Alinea Analytics ආයතනය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, මේ වන විට සාර්ථකව අලෙවි වන Resident Evil Requiem ක්‍රීඩාව මගින් ඩොලර් මිලියන 500 කට අධික ආදායමක් උපයා තිබෙනවා.
PC, PS5 සහ Xbox Series X/S යන ප්ලැට්ෆෝම් (Platforms) හරහා සමස්ත පිටපත් මිලියන 8.5 ක් අලෙවි වී ඇති අතර, ඒ අතරින් Xbox සඳහා අලෙවි වී ඇත්තේ පිටපත් 731,000 ක් (8.6%) පමණයි.
මීට සාපේක්ෂව Sony සමාගමේ PlayStation 5 (PS5) කොන්සෝල සඳහා පිටපත් මිලියන 4.01 ක් (48.1%) සහ PC (Steam) හරහා පිටපත් මිලියන 3.69 ක් (43.4%) අලෙවි වී තිබීම විශේෂත්වයක්.
මෙම දත්ත මගින් මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ Xbox වෙළඳපොළ නියෝජනය Sony PS5 හමුවේ කෙතරම් පසුගාමීද යන්න පැහැදිලි වන බවයි විචාරකයෝ පෙන්වා දෙන්නේ.
දැනට පවතින දත්තවලට අනුව Sony PS5 කොන්සෝල මිලියන 95.3 කට අධික ප්‍රමාණයක් ලොව පුරා අලෙවි වී ඇති අතර, Xbox Series X/S අලෙවිය සටහන් වන්නේ මිලියන 35 කට ආසන්න මට්ටමකයි.
ඉදිරියේදී නිකුත් වීමට නියමිත GTA 6 ක්‍රීඩාවේ පෙර ඇණවුම් (Pre-orders) සම්බන්ධයෙන්ද පවතින්නේ මෙවැනිම තත්ත්වයක් වන අතර, එහිදීද වැඩි ප්‍රණයක් PS5 සඳහා වෙන්වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත්, මයික්‍රොසොෆ්ට් හි ප්‍රධාන උපායමාර්ගික නිලධාරී මැතිව් බෝල් (Matthew Ball) සඳහන් කරන්නේ GTA 6 හි Xbox පෙර ඇණවුම් පිළිබඳව තම සමාගම තෘප්තිමත් වන බවයි.
Resident Evil යනු ඉතිහාසයේ සිටම PlayStation සමඟ වැඩි සබඳතාවක් පැවැත්වූ ක්‍රීඩාවක් වීම සහ ජපානය වැනි රටවල Xbox සඳහා ඇති අඩු ඉල්ලුම මෙයට හේතු විය හැකි නමුත්, Xbox පරිශීලකයින් සිය කොන්සෝල අතහැර PC හෝ වෙනත් ප්ලැට්ෆෝම් වෙත මාරු වන්නේද යන්න පිළිබඳව මෙම දත්ත හරහා තදබල ප්‍රශ්නාර්ථයක් මතුව තිබෙනවා.
මූලාශ්‍රය - IGN

Latest News
පේරාදෙණිය හා වයඹ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සංවර්ධනයට රු. මිලියන 450ක්
Local
12 November 2026
ඩිජිටල් ආර්ථිකයේ නව පරිවර්තනයක්: පාසල් සිසුන් 750,000කට බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර්පත්
Local
12 November 2026
"අයවැයක් කියන්නේ ආදායම බෙදාහැරීම නෙමෙයි.. දෙන්න ඕන අයට සහන දුන්නා" - ඇමති අනිල්
Local
12 November 2026
අමෙරිකාවේ වොෂින්ටන් නුවර වෙඩි තැබීමක් - පස්දෙනෙකුට තුවාල
Local
12 November 2026
ජපන් යතුරුපැදි දෙකක් නිදහස් කර ගැනීමට රු. 30,000ක අල්ලසක් ගත්තැයි රේගු නිලධාරියෙක් අත්අඩංගුවට
Local
12 November 2026
"හිර ගෙවල් වැඩි කරන්න මුදල් වෙන්කරලා.. දෙන්න පුළුවන් උපරිමය අයවැයෙන් දීලා" - ඇමති හර්ෂණ
Local
12 November 2026
ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ දීමනා ඉහළට
Local
12 November 2026
තෙල් ගොඩබෑමේ කාලය පැය 96 සිට 48 දක්වා අඩු කිරීමට රු. බිලියන 16.3ක නල පද්ධති ව්‍යාපෘතියක්
Local
12 November 2026
ත්‍රිවිධ හමුදා, පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ දීමනා ඉහළ නැංවීමට යෝජනා
Local
12 November 2026
Nvidia හි ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං ඉල්ලා අස්වෙයි
Local
12 November 2026