ලොව පුරා ඉහළ ජනප්රියත්වයක් ලබා ඇති Capcom සමාගමේ 'Resident Evil Requiem' වීඩියෝ ක්රීඩාවේ (Video Game) සමස්ත අලෙවියෙන් Xbox කොන්සෝල (Consoles) සඳහා අලෙවි වී ඇත්තේ 8.6% ක තරම් කුඩා ප්රතිශතයක් බව නවතම වෙළඳපොළ විශ්ලේෂණ වාර්තාවක් හෙළි කරනවා.
Alinea Analytics ආයතනය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, මේ වන විට සාර්ථකව අලෙවි වන Resident Evil Requiem ක්රීඩාව මගින් ඩොලර් මිලියන 500 කට අධික ආදායමක් උපයා තිබෙනවා.
PC, PS5 සහ Xbox Series X/S යන ප්ලැට්ෆෝම් (Platforms) හරහා සමස්ත පිටපත් මිලියන 8.5 ක් අලෙවි වී ඇති අතර, ඒ අතරින් Xbox සඳහා අලෙවි වී ඇත්තේ පිටපත් 731,000 ක් (8.6%) පමණයි.
මීට සාපේක්ෂව Sony සමාගමේ PlayStation 5 (PS5) කොන්සෝල සඳහා පිටපත් මිලියන 4.01 ක් (48.1%) සහ PC (Steam) හරහා පිටපත් මිලියන 3.69 ක් (43.4%) අලෙවි වී තිබීම විශේෂත්වයක්.
මෙම දත්ත මගින් මයික්රොසොෆ්ට් (Microsoft) සමාගමේ Xbox වෙළඳපොළ නියෝජනය Sony PS5 හමුවේ කෙතරම් පසුගාමීද යන්න පැහැදිලි වන බවයි විචාරකයෝ පෙන්වා දෙන්නේ.
දැනට පවතින දත්තවලට අනුව Sony PS5 කොන්සෝල මිලියන 95.3 කට අධික ප්රමාණයක් ලොව පුරා අලෙවි වී ඇති අතර, Xbox Series X/S අලෙවිය සටහන් වන්නේ මිලියන 35 කට ආසන්න මට්ටමකයි.
ඉදිරියේදී නිකුත් වීමට නියමිත GTA 6 ක්රීඩාවේ පෙර ඇණවුම් (Pre-orders) සම්බන්ධයෙන්ද පවතින්නේ මෙවැනිම තත්ත්වයක් වන අතර, එහිදීද වැඩි ප්රණයක් PS5 සඳහා වෙන්වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත්, මයික්රොසොෆ්ට් හි ප්රධාන උපායමාර්ගික නිලධාරී මැතිව් බෝල් (Matthew Ball) සඳහන් කරන්නේ GTA 6 හි Xbox පෙර ඇණවුම් පිළිබඳව තම සමාගම තෘප්තිමත් වන බවයි.
Resident Evil යනු ඉතිහාසයේ සිටම PlayStation සමඟ වැඩි සබඳතාවක් පැවැත්වූ ක්රීඩාවක් වීම සහ ජපානය වැනි රටවල Xbox සඳහා ඇති අඩු ඉල්ලුම මෙයට හේතු විය හැකි නමුත්, Xbox පරිශීලකයින් සිය කොන්සෝල අතහැර PC හෝ වෙනත් ප්ලැට්ෆෝම් වෙත මාරු වන්නේද යන්න පිළිබඳව මෙම දත්ත හරහා තදබල ප්රශ්නාර්ථයක් මතුව තිබෙනවා.
මූලාශ්රය - IGN

Latest News
විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට - NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි අධිකරණයෙන් නියෝග
Local
17 October 2026
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමග අඹතලේ ජල පවිත්රාගාරයේ කටයුතු යළි ඇරඹේ
Local
17 October 2026
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026