Entertainment26 September 2026

The Witcher 3 Remastered සඳහා අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය CD Projekt Red හෙළි කරයි

එතෙක් මෙතෙක් බිහිවූ හොඳම Open-world RPG ක්‍රීඩාවක් වන The Witcher 3: Wild Hunt හි Remastered අනුවාදය (Remastered Version) සඳහා ක්‍රීඩකයන් විසින් වෙන කර තැබිය යුතු මතක ඉඩ ප්‍රමාණය (Storage Space) පිළිබඳ තොරතුරු CD Projekt Red සමාගම විසින් නිකුත් කර තිබෙනවා.

මෙම සැප්තැම්බර් 29 වනදා සියලුම නූතන පරම්පරාවේ ක්‍රීඩා කොන්සෝල (Current-gen platforms) වෙත පැමිණීමට නියමිත මෙම ක්‍රීඩාව සඳහා PC, PS5 සහ Xbox භාවිතා කරන්නන්ට GB 45 ක Update එකක් බාගත (Download) කිරීමට සිදුවනු ඇති.

කෙසේවෙතත්, Nintendo Switch 2 වෙනුවෙන්ම වෙනම සැකසූ අනුවාදයක් පැමිණෙන බැවින් ඒ සඳහා GB 50 ක ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වන බව CD Projekt Red හි ගෝලීය ප්‍රජා අධ්‍යක්ෂ මාසින් මොමොට් (Marcin Momot) සඳහන් කරනවා.

දැනටමත් Nintendo Switch හි පැරණි අනුවාද හිමි ක්‍රීඩකයන්ට කිසිදු අමතර පිරිවැයකින් තොරව Switch 2 අනුවාදයට ‍යාවත්කාලීන වීමේ හැකියාවද ලබා දී තිබීම විශේෂත්වයක්.

PC ක්‍රීඩකයන් සඳහා දැනට පවතින The Witcher 3: Complete Edition හි ප්‍රමාණය GB 51 ක් වන අතර, මෙම නව GB 45 යාවත්කාලීන අනුවාදයත් එකත් සමඟ සමස්ත ක්‍රීඩාව සඳහාම අවශ්‍ය වන්නේ GB 96 කට ආසන්න ඉඩ ප්‍රමාණයක්.

මෙය ඉදිරියේදී නිකුත් වීමට නියමිත GB 200 ක පමණ ඉඩක් ගන්නා Final Fantasy 7 Revelation වැනි ක්‍රීඩා සමඟ සැසඳීමේදී සාපේක්ෂව අඩු අගයක් වනු ඇති.

මෙම Remastered අනුවාදය හරහා වඩාත් දියුණු කළ දෘශ්‍ය අත්දැකීම් (Visual Upgrades), වෙනස් කළ Skill tree පද්ධතියක් සහ චරිත චලනයන්ගේ (Movement) සුමට බවක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව, කලින් ක්‍රීඩා කළ Save Data සහ Achievements සියල්ලම නව අනුවාදයට ඇතුළත් කරගැනීමේ (Cross-progression) පහසුකමද සලසා තිබෙනවා.

එමෙන්ම 2027 වසරේදී ජෙරල්ට්ගේ (Geralt of Rivia) නවතම ආගමනය සනිටුහන් කරමින් The Witcher 3: Songs of the Past නිකුත් කිරීමට CD Projekt Red සමාගම සූදානමින් සිටිනවා.

මූලාශ්‍රය - GameRant
Related recommendation
Hiru TV News | Programmes