ලොව මෙතෙක් නිෂ්පාදනය කර ඇති බලගතුම රොකට් පද්ධතිය වන SpaceX සමාගමේ 'Starship' හි ප්රථම පෘථිවි කක්ෂීය පරීක්ෂණ පියාසර කිරීම සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
විදෙස් මාධ්ය වාර්තා කළේ, හෙට (28) පෙ.ව. 8:15 ට (නැගෙනහිර වේලාවෙන්) විවෘත වන විනාඩි 75 ක කාල රාමුව තුළ මෙම දියත් කිරීම සිදුකිරීමට නියමිත අතර, මෙය සාර්ථක වුවහොත් Starship හි පරීක්ෂණ අදියර නිම වී සක්රීය මෙහෙයුම් අදියර ආරම්භ වනු ඇති බවයි.
මෙම පියාසර කිරීමේදී නව පරම්පරාවේ Starlink අන්තර්ජාල උපග්රහණ කාණ්ඩයක් ප්රථම වරට කක්ෂගත කිරීමටද සැලසුම් කර තිබෙනවා.
කෙසේවෙතත්, මීට පෙර සිදුකළ උප-කක්ෂීය (suborbital) පරීක්ෂණ පියාසර කිරීම්වලට වඩා වැඩි අවදානමක් මෙහිදී පවතින බවයි විද්යාඥයෝ පෙන්වා දෙන්නේ.
මීට පෙර සිදුකළ පරීක්ෂණ 13 දී රොකට්ටුවේ පාලනය ගිලිහුණද එය ස්වයංක්රීයවම පෘථිවි වායුගෝලයට ඇතුළු වී සාගරයට පතිත වන පරිදි සැලසුම් කර තිබුණා.
නමුත් කක්ෂීය පථයකදී අධික වේගයෙන් ගමන් කරන බැවින් පාලනය ගිලිහුණහොත් එය අභ්යවකාශයේ පාවෙන තත්ත්වයට පත්වී අනෙකුත් සක්රීය උපග්රහණ සමග ගැටීමේ අවදානමක් පවතින අතර, පැය 10 ක පමණ කාලයක් පුරා පැවැත්වීමට නියමිත මෙම මෙහෙයුමේදී Starship යානය පෘථිවිය වටා වට 6 ක් ගමන් කිරීමෙන් අනතුරුව චිලී වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට පතිත කිරීමට නියමිතයි.
නාසා (NASA) ආයතනයේ 'Artemis' වැඩසටහන යටතේ නැවත වරක් ගගනගාමීන් සඳ මතට ගෙන යාමේ කොන්ත්රාත්තුව හිමිව ඇත්තේද Starship යානයට වන අතර, අනාගතයේදී අඟහරු මත මිනිස් ජනාවාස පිහිටුවීමේ ඉලෝන් මස්ක්ගේ අභිප්රාය සාක්ෂාත් කරගැනීම සඳහා මෙම පරීක්ෂණ පියාසර කිරීම තීරණාත්මක පියවරක් වනු ඇති බවයි විදෙස් මාධ්ය වාර්තාවේ සඳහන්.
මූලාශ්රය - CNN

Latest News
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමග අඹතලේ ජල පවිත්රාගාරයේ කටයුතු යළි ඇරඹේ
Local
17 October 2026
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026