ප්‍රමුඛ පෙළේ AI චිප් නිෂ්පාදකයෙකු වන Nvidia සමාගම, විවෘත මෘදුකාංග (open-source) ක්ෂේත්‍රයේ නැඟී එන Reflection AI සමාගමේ සිය ආයෝජන වැඩි කිරීමට හෝ එම සමාගම සම්පූර්ණයෙන්ම මිලදී ගැනීමට මූලික සාකච්ඡා පවත්වමින් සිටින බව 'ෆයිනෑන්ෂල් ටයිම්ස්' (Financial Times) පුවත්පත වාර්තා කරනවා.
අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් අදාළ වාර්තාවේ සඳහන් වන්නේ, මෙම සාකච්ඡා තවමත් මූලික අදියරේ පවතින බවත්, නියාමන බලධාරීන්ගේ දීර්ඝ විමර්ශන මඟහැරීම සඳහා පූර්ණ අත්පත් කර ගැනීමක් වෙනුවට තාක්ෂණික බලපත්‍ර ලබා ගැනීම සහ සේවකයින් පවරා ගැනීම (acqui-hire) වැනි ක්‍රමවේදයක් කෙරෙහි ද අවධානය යොමුව ඇති බවයි.
එමෙන්ම, එළඹෙන සති කිහිපය තුළ දෙපාර්ශ්වය අතර යම් එකඟතාවකට පැමිණීමට ඉඩ ඇති නමුත්, මෙම සාකච්ඡා සාර්ථක නොවී බිඳ වැටීමේ හැකියාවක් ද පවතින බව එහි සඳහන්.
මෙම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වීම Reflection AI සමාගම ප්‍රතික්ෂේප කර ඇති අතර, Nvidia සමාගම ද ප්‍රතිචාර දක්වා ඇත්තේ නැහැ.
Nvidia සමාගම දැනටමත් Reflection AI හි ප්‍රධාන ආයෝජකයෙකු වන අතර, ඇමරිකානු ඩොලර් මිලියන 800 ක මුදලක් එහි ආයෝජනය කර තිබෙනවා.
2024 වසරේදී ගූගල් ඩීප්මයින්ඩ් (DeepMind) හි හිටපු පර්යේෂකයින් වන මිෂා ලැස්කින් (Misha Laskin) සහ අයෝනිස් ඇන්ටනොග්ලූ (Ioannis Antonoglou) විසින් ආරම්භ කරන ලද මෙම සමාගම, මෘදුකාංග සංවර්ධනය ස්වයංක්‍රීය කිරීම සඳහා AI මෙවලම් නිර්මාණය කරනු ලබනවා.
පසුගිය අප්‍රේල් මාසයේදී එහි ප්‍රධාන විධායක නිලධාරී මිෂා ලැස්කින් ප්‍රකාශ කර තිබුණේ තම සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 25 ක අගය කිරීමක් (valuation) යටතේ අලුතින් ප්‍රාග්ධනය රැස් කරමින් සිටින බවයි.
Reflection AI සමාගම පසුගිය සඳුදා සිය පළමු open-weight AI මාදිලිය වන "Beam" එළිදක්වන ලද අතර, එමඟින් චීනයේ DeepSeek සහ Kimi වැනි අඩු පිරිවැය සහිත AI මාදිලි සමඟ පරිගණක කේතකරණ (coding) සහ නියෝජිත කාර්යයන් (agentic tasks) සඳහා තරග කිරීමට අපේක්ෂාවෙන් පසුවෙනවා.
මූලාශ්‍රය - රොයිටර්ස්

Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
Local
16 November 2026
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
Local
15 November 2026
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
Local
15 November 2026
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
Local
15 November 2026
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
Local
15 November 2026
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
Local
15 November 2026
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
Local
15 November 2026
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
Local
15 November 2026
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
Local
15 November 2026
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්
Local
15 November 2026