Entertainment17 October 2026

බුසාන් හි ඇළ මාර්ගයක සිරවූ අඩි 10ක් දිගැති මෝරා දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය වෙයි

දකුණු කොරියාවේ දෙවන විශාලම නගරය වන බුසාන් (Busan) හි වරාය ආසන්න ඇළ මාර්ගයක සිරවී සිටින අඩි 10ක් දිගැති ගැහැණු මෝරෙකු එරට දැවැන්ත කතාබහට ලක්වෙමින් ප්‍රසිද්ධ චරිතයක් බවට පත්ව තිබෙනවා.

මීට මාසයකට පමණ පෙර බුක්හැං ජල උද්‍යානය (Bukhang Waterfront Park) අසල ඇළ මාර්ගයකදී මෙම මෝරා ප්‍රථම වරට දක්නට ලැබී ඇති අතර, ඇය සිටින ස්ථානය ආශ්‍රයෙන් ඇයට "බුකැංගි" (Bukangi) යන නම ද තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙහි වෙසෙන ප්‍රදේශවාසීන් මෙන්ම රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මිලියනයකට අධික පිරිසක් (ජනාධිපතිවරයා ද ඇතුළුව) මෙම මෝරා බැලීම සඳහා පැමිණ ඇති බව බලධාරීන් පවසනවා.

මෙම මෝරා මේ වන විට බුසාන් නගරයේ ගෞරවනීය තානාපතිවරයකු ලෙස නම් කර ඇති අතර, ප්‍රදේශයේ මත්පැන් නිෂ්පාදන ආයතනයක් ඇය වෙනුවෙන් විශේෂ සංස්කරණ බෝතලයක් ද, බේස්බෝල් කණ්ඩායමක් ඇයගේ හැඩයෙන් යුත් ප්‍රධාන සැරසිලි උපාංග (keychains) ද එළිදක්වා තිබෙනවා.

මෙම මෝරා නැවත මුහුදට යැවීම සඳහා වෙරළ ආරක්ෂක නිලධාරීන් සහ ගිනි නිවීම් දෙපාර්තමේන්තුව උත්සාහ කළද, බාධක සහ උගුල් අසාර්ථක වීම හේතුවෙන් වර්තමානයේදී එම මෙහෙයුම් අත්හිටුවා ඇය ස්වභාවිකවම මුහුදට පිටව යනු ඇතැයි බලාපොරොත්තුවෙන් පසුවෙනවා.

කෙසේ වෙතත්, නොවැම්බර් මාසය වන විට ජලය අධික ලෙස සීතල වීමට පෙර ඇය මුහුදට යා යුතු බවත්, එසේ නොමැති වුවහොත් ඇයගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බවත් විශේෂඥයෝ පෙන්වා දෙනවා.

මූලාශ්‍රය - නිව්‍ යෝර්ක් ටයිම්ස්
Related recommendation
Hiru TV News | Programmes