බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන 'King' හි විදෙස් සිනමා ප්‍රදර්ශන අයිතිය ඉන්දීය රුපියල් කෝටි 175ක මුදලකට අලෙවි වී ඇති බව වාර්තා වනවා.
මෙය ඉන්දීය සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක විදෙස් ප්‍රදර්ශන අයිතිය වෙනුවෙන් ගෙවූ ඉහළම මුදල ලෙස සැලකෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
Pinkvilla වෙබ් අඩවිය වාර්තා කරන පරිදි, අමෙරිකානු ඩොලර් මිලියන 18කට අධික වටිනාකමකින් යුත් මෙම ගනුදෙනුව සිදුකර ඇත්තේ ජාත්‍යන්තර චිත්‍රපට බෙදාහැරීමේ සමාගමක් වන Phars Films විසිනුයි.
මීට පෙර ෂාරුක් ඛාන්ගේ Pathaan සහ Jawan ඇතුළු චිත්‍රපටවල විදෙස් බෙදාහැරීමේ කටයුතු Yash Raj Films සමාගම විසින් සිදුකර තිබුණා.
කෙසේ වෙතත්, මෙවර King චිත්‍රපටයේ විදෙස් ප්‍රදර්ශන අයිතිය Phars Films සමාගම විසින් ලබාගෙන ඇති අතර, ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 175ක අවම සහතික මුදලක් ගෙවා ඇති බව සඳහන්.
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, මීට පෙර කිසිදු ඉන්දීය චිත්‍රපටයක විදෙස් ප්‍රදර්ශන අයිතිය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 100ක සීමාව ඉක්මවූ ගනුදෙනුවක් සිදුව නොතිබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, මෙතරම් විශාල මුදලකට විදෙස් ප්‍රදර්ශන අයිතිය අලෙවි වීමත් සමග King චිත්‍රපටයට දැවැන්ත ආදායම් ඉලක්කයක් සපුරාලීමට සිදුව තිබෙනවා.
සාමාන්‍යයෙන් විදෙස් සිනමා ප්‍රදර්ශන ආදායමෙන් බෙදාහැරීමේ සමාගම් වෙත හිමිවන්නේ සියයට 50ක පමණ කොටසක් වන අතර, ඒ අනුව මෙම ගනුදෙනුවේ පිරිවැය පියවා ගැනීමට පමණක් King චිත්‍රපටය විදෙස් රටවලින් අමෙරිකානු ඩොලර් මිලියන 37ත් 40ත් අතර ආදායමක් උපයාගත යුතු බවයි වාර්තා වන්නේ.
එය ඉන්දීය රුපියල් කෝටි 350ත් 375ත් අතර දළ ආදායමකට සමාන බව සඳහන්.
ෂාරුක් ඛාන්ගේ මෙතෙක් වැඩිම ආදායම් වාර්තා කළ චිත්‍රපට දෙකක් වන Pathaan සහ Jawan විදෙස් සිනමා ප්‍රදර්ශනවලින් ඉන්දීය රුපියල් කෝටි 400කට ආසන්න ආදායමක් උපයා තිබුණා.
ඒ අනුව, King චිත්‍රපටය විදෙස් වෙළෙඳපොළ තුළ සැලකිය යුතු ලාභයක් වාර්තා කිරීමට නම් එම ආදායම් වාර්තා අභිබවා යාමට සිදුවනු ඇති බව සිනමා විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
විශේෂයෙන් ඉන්දීය රුපියල් කෝටි 460ක විදෙස් ආදායමක් වාර්තා කළ Dhurandhar 2 සහ කෝටි 430ක් උපයාගත් RRR වැනි දැවැන්ත සිනමා නිර්මාණවල ආදායම් මට්ටමට ළඟාවීම King චිත්‍රපටයේ විදෙස් බෙදාහැරීමේ සාර්ථකත්වයට වැදගත් වනු ඇති බව සඳහන්.
මේ අතර, King චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රකට බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ සිද්ධාර්ත් ආනන්ද් විසිනුයි.
2023 වසරේ තිරගත වූ Pathaan චිත්‍රපටයෙන් අනතුරුව ෂාරුක් ඛාන් සහ සිද්ධාර්ත් ආනන්ද් එක්ව කටයුතු කරන දෙවැනි චිත්‍රපටය මෙය වනවා.
මෙම චිත්‍රපටයේ විශේෂත්වයක් වන්නේ ෂාරුක් ඛාන් සිය දියණිය වන සුහානා ඛාන් සමග පළමු වරට එකම චිත්‍රපටයක රංගනයෙන් දායක වීමයි.
සුහානා ඛාන් 2023 වසරේදී තිරගත වූ The Archies චිත්‍රපටය ඔස්සේ සිය රංගන දිවිය ආරම්භ කළා.
King චිත්‍රපටයට ෂාරුක් ඛාන් සහ සුහානා ඛාන්ට අමතරව දීපිකා පදුකෝන්, අභිෂේක් බච්චන්, රාණි මුඛර්ජි, ජයිදීප් අහ්ලාවත්, රාඝව් ජුයාල් සහ සෞරභ් ශුක්ලා ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වනවා.
එළැඹෙන දෙසැම්බර් 24 වැනිදා ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත King චිත්‍රපටය, ෂාරුක් ඛාන්ගේ තවත් දැවැන්ත සිනමා ආදායම් වාර්තාවක් බවට පත්වනු ඇතිද යන්න පිළිබඳව මේ වනවිට සිනමා ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.
මූලාශ්‍රය : Hindustan Times

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026