Entertainment01 November 2026

මව බැලීමට වසර 28ක් පයින් ආ බ්‍රිතාන්‍ය ජාතිකයා යළි නිවසට

වසර 28ක් පුරා ලොව වටා පාගමනක නිරත වූ බ්‍රිතාන්‍ය ජාතික වික්‍රමාන්විත සංචාරකයෙකු වන කාල් බුෂ්බි සිය දිගු ගමනේ අවසානයට ළඟා වෙමින් සිටිනවා.

57 හැවිරිදි කාල් බුෂ්බි 1998 වසරේදී චිලියේ පුන්ටා අරීනාස් ප්‍රදේශයෙන් මෙම ගමන ආරම්භ කර ඇත්තේ, කිසිදු ප්‍රවාහන මාධ්‍යයක් භාවිත නොකර අඛණ්ඩව පාගමනින් සිය උපන් නගරය වන එංගලන්තයේ හල් වෙත ළඟා වීමේ අරමුණින්.

එම ගමන අතරතුර ඔහු තමන් විසින්ම පනවාගත් කොන්දේසි දෙකක් අනුගමනය කර තිබෙනවා.

ඒ, ගමන අවසන් වනතුරු එක්සත් රාජධානියට යළි නොපැමිණීම සහ ගමනේ දුර සම්පූර්ණ කිරීම සඳහා කිසිදු ප්‍රවාහන මාධ්‍යයක් භාවිත නොකිරීමයි.

බීබීසී පුවත් සේවය වාර්තා කළේ, ඔහුගේ ගමන අවසන් වන විට 36 හැවිරිදි පුත් ඇඩම්, මෙතෙක් හමු නොවූ 12 හැවිරිදි මිණිබිරිය, පියා සහ සහෝදරයන් ඔහු පිළිගැනීමට පැමිණීමට නියමිත බවයි.

වසර 28කට පෙර ඔහු හැර ගිය ළමා වියේ නිවසේදී, මව ඔහු එනතුරු බලා සිටින බව ද එම වාර්තාවේ සඳහන්.

මුලාශ්‍රය - බීබීසී
Related recommendation
Hiru TV News | Programmes