Entertainment20 May 2013

සල්මන් - රිතික් නැවතත් යාළුවෝලූ.

බොලිවුඞ් තරුත් වෙලාවකට පොඩි ළමයි වගේ. පුංචි පුංචි දේවල්වලට තරහා වෙනවා. ඔය වගේ හිත් අමනාපකමක් සල්මන් ඛානුයි රිතික් රෝෂනුයි අතරත් තිබ්බා.

මීට අවු. 2 කට කලින් තිරගතවුණු ගුෂාරිෂ් චිත්‍රපටයට සල්මන් ප්‍රසිද්ධියේ විහිලූ කරලා. ඒ ගැන රිතික් හිටියේ ගොඩක් දුකින්. මං රඟපාන චිත්‍රපටි මට මගේ දරුවෝ වගේ. ඒ අයට මෙහෙම කියනවට මං කැමති නෑ කියලා රිතික් කියලත් තිබුණා.

ටෙලිෆෝන් එකෙන් කථා කරලා මේ ප්‍රශ්ණෙ විසඳගත්තත් ඇත්ටම දෙන්නගේ හිත්වල කහටක් නැද්ද කියලා අපිටත් පොඩි සැකයක් තිබුණා. ආරංචියේ හැටියට නම් දැන් ඒ ඔක්කොම හරි. සල්මන් හොඳ සමාජ සේවකයෙක්නේ. ඒ වෙනුවෙන් මුදල් එකතු කරන්න ඔහු බන්ද්‍රාවල සාප්පු සංකීර්ණයක් හදලා තියෙනවා. ළඟදි දවසක් රිතික් එතෙන්ට ගිහින් හිතේ හැටියට සාප්පු සවාරියේ ගිහින්. ඔහු මේ විදිහට ලොකු මුදලක් වියදම් කරලා තියෙන්නේ සල්මන්ගේ සමාජ සේවා වැඩවලට උදව්වක් වෙන්නලූ. කොහොම හරි මේ දෙන්නා ආපහු යාළුවො වුණ එක ගැන නම් අපිටත් සතුටයි.

Related recommendation
Hiru TV News | Programmes