Entertainment19 June 2013

මානවසිංහයන් ඉපදී අදට වසර 100 යි.

‘‘ගමන නොනිමෙයි ලෝකයේ මේ... පුරුදු ජීවන මං තලේ... ’’ මේ ගී පද ලියැවුණේ ඔහුගේ පන්හිඳෙන්. එපමණක් නොව රන්මුතු දූවේ පිපි පිපී රේණු නටන ගීතය මෙන්ම, මහ බෝ වන්නම, මේ සොඳුරු මිනිසාගේ පන්හිඳෙන් ලියැවුණා. ඔහු කවරෙකුවත් නොව, අප සියලූදෙනා දන්නා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයි. 1913 ජුනි 19 වැනිදා මෙලොව උපත ලද ඔහුගේ සියවන ඡන්ම දින සැමරුම අදයි. 1964 දී ජීවිතයෙන් සමුගන්නා තුරුම, මේ සොඳුරු මිනිසා මෙරට කලාව වෙනුවෙන් අපිරිමිත මෙහෙයක් ඉටු කළා. ඔහු සැබෑ මිනිසුන්ගේ හදවතේ තවමත් ජීවත් වන්නේ ඒනිසාවෙන්. මානවසිංහයන්ගේ ඡන්ම දින සැමරුම වෙනුවෙන් රට පුරා ස්ථාන කිහිපයක අද සැමරුම් උත්සව පැවැත්වෙන බවත් සඳහන් කළ යුතුයි.

Related recommendation
Hiru TV News | Programmes