Sports10 June 2025

ටෙස්ට් ලෝක ශූරතා අවසන් සටනේ ගැටෙන ඔස්ට්‍රෙලියානු හා දකුණු අප්‍රිකානු කණ්ඩායම් නිවේදනය කරයි

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම විසින් එම තරගයට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයන් 11 දෙනා නම් කිරීමට කටයුතු කර තිබෙනවා.

ක්‍රිකට් ලොව රන් දෙවොල ලෙසින් සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී හෙට (11) ආරම්භ වන මෙම තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙම්බා බවුමා වෙත පැවරී ඇති අතර ඔස්ට්‍රෙලියානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම එහි නිත්‍ය නායක පැට් කමින්ස් වෙත හිමිව තිබෙනවා.

ඒ අනුව ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් වන්නේ, ඒඩන් මාක්‍රම්, රයන් රිකෙල්ටන්, ට්‍රිස්ටන් ස්ටබ්ස්, ඩේවිඩ් බෙනිගම්, කයිල් වෙයියෑන්, වියාන් මුල්ඩර්, මාකෝ යැන්සන්, කේෂව් මහරාජ්, කගීෂෝ රබාඩා සහ ලුන්ගි නිගිඩියි.

මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩා කරන ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට උස්මාන් කවාජා, මානස් ලබුෂේන්, කැමරන් ග්‍රීන්, ස්ටීව් ස්මිත්, ට්‍රැවිස් හෙඩ්, බියෙව් වෙබ්ස්ටර්, ඇලෙක්ස් කේරි, මිචෙල් ස්ට්‍රාක්,නෙතන් ලයන් සහ ජෝෂ් හේසල්වුඩ් ක්‍රීඩා කරනු ඇති.

තරගය හෙට එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes