Sports02 September 2025

වීසා අවුලක්; යොවුන් ආසියානු කරාතේ සිහින දකින ක්‍රීඩකයින් 24ක් ගුවන්තොටේ

චීනයේදී පැවැත්වෙන 2025 ආසියානු කරාතේ තරගාවලිය සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සුදුසුකම් ලබා තිබුණා.

තරගාවලිය සැප්තැම්බර් මස 1 වැනිදා සිට සැප්තැම්බර් මස 7 වැනිදා ක්‍රියාත්මක වන අතර ඒ සඳහා සහභාගිවීමෙන් අරමුණින් දිවයිනෙන් පිටත්ව යන්න ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

කෙසේ වෙතත් තරගාවලියට සහභාගි වන එක් අයෙකුගෙන් රුපියල් පන්ලක්ෂ 80,000ක මුදලක් අය කර ගන්නට ශ්‍රී ලංකා කරාතේ සංගමය පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් තරගාවලියට එක්වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වීසා බලපත්‍ර නොලැබීමත් අද ගුවන් තොටුපොළට පැමිණි මෙරට කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි අපහසුතාවට පත්වුණා.
Related Recomands
Hiru TV News | Programmes