Sports07 September 2025

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ (පිරිමි) ලොකුම පරතරය සහිත ජය එංගලන්තයට

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 342ක දැවැන්ත ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (07) සමත් වුණා.

ඒ අනුව මෙම ජයග්‍රහණය පිරිමි එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු පරතරය අනුව වාර්තා වූ විශාලතම ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක්වනු ඇති.

මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 414ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට සියලු කඩුලු දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 72ක් පමණයි.
Related Recomands
Hiru TV News | Programmes