Sports15 September 2025

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය; ශ්‍රී ලංකා හොංකොං ගැටුම අද

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන දෙවන විස්සයි විස්ස තරගය අද රාත්‍රීයේ පැවැත්වෙනවා.

ඒ හොංකොං කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව පැවැත් වුණා.

එම තරගයෙන් කඩුළු 06ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes