Sports15 September 2025

ආසියානු ක්‍රිකට් කුසලානයේ නවතම ලකුණු සටහන

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ඉන්දු - පාකිස්තාන තරගයෙන් අනතුරුව ලකුණු සටහන යාවත්කාලීන වී තිබෙනවා.

A කාණ්ඩය

A කාණ්ඩයට අයත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව, පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

ඉන්දියාව මේ වන විට තරග 2ක් ක්‍රීඩා කර ඇති අතර, එම තරග දෙකම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන කාණ්ඩයේ පෙරමුණේ පසුවෙනවා. ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) 4.793ක් ලෙස ඉහළ අගයක සටහන් වෙනවා.

පාකිස්තානය ද තරග 2ක් ක්‍රීඩා කර ඇති අතර, ඉන් එක් තරගයක් ජයග්‍රහණය කර එක් තරගයක් පරාජය වී තිබෙනවා. ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු 2ක් ලබා ඇති අතර, ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) 1.649ක් ලෙස සටහන් වනවා.

ඕමානය එක් තරගයක් ක්‍රීඩා කර එය පරාජය වී ඇති අතර, ප්‍රසාද ලකුණු නොලැබූ ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) -4.650ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක් තරගයක් ක්‍රීඩා කර එය පරාජය වී ඇති අතර, ප්‍රසාද ලකුණු නොලැබූ ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) -10.483ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

B කාණ්ඩය

B කාණ්ඩයේ ක්‍රීඩා කරන කණ්ඩායම් වන්නේ ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, හොංකොං සහ ශ්‍රී ලංකාවයි.

ඇෆ්ගනිස්ථානය ක්‍රීඩා කළ එකම තරගය ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 2ක් ලබා සිටින අතර, ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) 4.700ක් ලෙස ඉහළ අගයක පවත්වා ගැනීමට සමත්. ඔවුන් තවදුරටත් කාණ්ඩයේ පෙරමුණේ සිටිනවා.

ශ්‍රී ලංකාව මේ වන විට එක් තරගයක් ක්‍රීඩා කර එය ජයග්‍රහණය කර ඇති අතර, ප්‍රසාද ලකුණු 2ක් ලබාගෙන තිබෙනවා. ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) 2.595ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

බංග්ලාදේශය තරග 2ක් ක්‍රීඩා කර ඇති අතර, ඉන් එක් තරගයක් ජයග්‍රහණය කර එක් තරගයක් පරාජය වී තිබෙනවා. ඔවුන් ද ප්‍රසාද ලකුණු 2ක් ලබා ඇති අතර, ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) -0.650ක් ලෙස සටහන් වනවා.

හොංකොං කණ්ඩායම තරග 2ක් ක්‍රීඩා කර ඇති නමුත්, ඔවුන් එම දෙකම පරාජයට පත් වුණා. ඒ අනුව ප්‍රසාද ලකුණු නොමැති ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) -2.889ක්.

අද (15) ආසියානු කුසලානයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 5.30 ට ඕමානය හා එක්සත් අරාබියේ එමීර් රාජ්‍යය අතර තරග ආරම්භ වෙනවා.
ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ශ්‍රී ලංකාව සහ හොංකොං අතර තරගය ආරම්භ වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes