Sports02 October 2025

බංග්ලාදේශය සහ පාකිස්ථාන කාන්තා ක්‍රිකට් තරගය අද - තරගය නොමිලේ බලන්න ප්‍රේක්ෂකයාට ඉඩ

කාන්තා එක්දින ලෝක කුසලානයේ බංග්ලාදේශය සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම් අතර තරගය අද(02) පැවැත්වීමට නියමිතයි.

ඒ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී ය.

මේ තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට නොමිලේ අවාස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

ඒ අනුව පිවිසුම් අංක 7 සහ 8 පස්වරු 1.30 සිට විවෘතව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙන්නේ.

මෙම තරගය අද සවස 3.00ට ආරම්භ වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes