Sports29 September 2026

නේපාලය සමග අර්ධ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම නිසා ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අද (29) පැවැත්වීමට නියමිතව තිබූ පිරිමි ක්‍රිකට් අර්ධ අවසන් පූර්ව තරගය වර්ෂාව නිසා අතහැර දමා තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ කොන්දේසි අනුව ශ්‍රී ලංකාව ඍජුවම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රි ලංකාව, ඉන්දියාව සමග ඔක්තෝබර් 01 වැනිදා දෙවන අවසන් පූර්ව තරගයට ක්‍රිඩා කිරීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes