ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගුවහාටිහිදී පැවැති දෙවැනි එක්දින ජාත්යන්තර ක්රිකට් තරගය එක්දින ඉතිහාසයේ නව වාර්තා රැසක් පිහිටුවමින්, ඉන්දියාව කඩුලු 8ක විශිෂ්ට ජයග්රහණයක් අත්කර ගැනීමට සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඊට ප්රබල පිළිතුරක් දුන් කොදෙව් පිතිකරුවෝ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 405ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
ජෝන් කැම්බල් (101), නායක ෂයි හෝප් (104) සහ අමීර් ජංගූ (114) ශතක රැස් කිරීමට සමත් වූ අතර, මෙය කොදෙව් එක්දින ඉතිහාසයේ එකම ඉනිමක පිතිකරුවන් තිදෙනෙකු ශතක ලබාගත් පළමු අවස්ථාව ලෙස මෙන්ම, ඉන්දියාවට එරෙහිව ඔවුන් රැස් කළ ඉහළම එක්දින ලකුණු සංඛ්යාව ලෙසද වාර්තා අතරට එක් වුණා.
ලකුණු 406ක පිළිතුරු ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ ශුබ්මන් ගිල් පන්දු 117කදී හතරේ පහර 24ක් සහ හයේ පහර 7ක් සමගින් ද්විත්ව ශතකයක් (200) ලබාගැනීමට සමත් වුණා.
මෙය ඔහුගේ දෙවැනි එක්දින ද්විත්ව ශතකය වන අතර, එක්දින ඉතිහාසයේ ද්විත්ව ශතක දෙකක් ලබාගත් දෙවැනි පිතිකරුවා බවට ඔහු පත්වුණා (රෝහිත් ශර්මාට පසුව).
එමෙන්ම, පන්දු 62කින් ශතකය පූර්ණය කළ ගිල්, ඉන්දීය නායකයෙකු වාර්තා කළ වේගවත්ම එක්දින ශතකයේ හිමිකරුවා බවටද පත්වුණා.
ගිල්ගේ මෙම ප්රහාරාත්මක ඉනිම හමුවේ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 3කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 406 සීමාව පසුකරමින් අතිවිශිෂ්ට ජයක් හිමිකර ගත්තා.
මීට අමතරව, මෙම තරගයේදී ඉන්දීය ජ්යෙෂ්ඨ පිතිකරු රෝහිත් ශර්මා සිය එක්දින ක්රිකට් දිවියේ ලකුණු 12,000 සීමාව පසුකිරීමට සමත් වූ අතර, එම සන්ධිස්ථානයට ළඟා වූ ලෝක ක්රිකට් ඉතිහාසයේ 7 වැනි පිතිකරු ලෙස ඔහු වාර්තා අතරට එක් වුණා.

Latest News
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026
තායිවානය සමග රාජ්යතාන්ත්රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක
Local
17 October 2026