Sports02 October 2026

ලෝක ස්ට්‍රෙන්ත් ලිෆ්ටින් ශූරතාවලියේදී ලෝක වාර්තාවක් පිහිටවූ දුලිත් දසනායකට ගුවන් හමුදාවෙන් උසස්වීමක්

13 වැනි ලෝක ස්ට්‍රෙන්ත් ලිෆ්ටින් ශූරතාවලියේ (World Strength Lifting Championship) 'හැක් ලිෆ්ට්' (Hack Lift) ඉසව්වේ කිලෝග්‍රෑම් 95න් පහළ බර පන්තිය යටතේ නව ලෝක වාර්තාවක් තබමින් ර්න පදක්කම දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් දුලිත් දසනායක සැරයන් නිලය දක්වා උසස් කර තිබෙනවා.

ඔහුගේ මෙම විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යය හා දක්ෂතාව අගයමින්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් ඔහුව කෝප්‍රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා විශේෂ උසස් කිරීමක් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

මීට අමතරව, සැරයන් දුලිත් දසනායක වෙත විශේෂ මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ද ගුවන් හමුදාපතිවරයා කටයුතු කළ අතර, මෙම විශේෂ උපහාර දැක්වීමේ සහ ඇගයීමේ උත්සවය ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්වුණා.

සැප්තැම්බර් 07 වැනිදා සිට 11 දක්වා කිරිගිස්ථානයේ පැවැති මෙම ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 260ක බරක් සාර්ථකව ඔසවමින් ඔහු මෙම අසමසම ජයග්‍රහණය ලබා ගත්තා.
Related Recomands
Hiru TV News | Programmes